11 කොටස✴️

1.3K 327 62
                                    

ආසි මට එක බෝතලයක් කඩල අතට දෙද්දි.. මම එයා දිහා ඇස් උස්සල බලල බෝතලේ එක අතකට පොඩි කර ගත්තෙ එයාව මගෙ අතකට පොඩි කරගන්නවා කියල හිතාගෙන..

පාතාලෙ පවර් එක මට පෙන්නල මාව බය කරල එයා දැන් මොකද්ද මේ කරන්න හදන්නෙ කියල තේරෙන් නෑ..ඒත් මන් නිසා එයාට නම් ලොකු දෙයක් අද වෙයි කියල මට සීයට දාහක ශුවර් එකක් තිබ්බ..

උබ ඕක බොනවද.. නැත්තම් මම උබට පොවන්නද...?

හරි...හරි...මම බොන්නම්...

බලෙන් එයා මට බියර් එක පොවන්න හදපු නිසා.. මම එයාට රවල එක හුස්මට බෝතලේම හිස්ම කරල දාල හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් මගෙ කට එක අතකින් පිහිදගෙන එයා දිහා බලද්දි..මෝඩ ආසිය ඉන්නව මන් දිහා කටත් ඇද කරන් බලාගෙන..

දැන් සතුටුද බොසා...

තවම සතුටක් නෑ... මේකත් බිව්වම තමා මට සතුට ඩබල් වෙන්නෙ..

අහ් ඉදපන් බොන්න..

එයා දිහා බලාගෙනම මම අනිත් බෝතලෙත් එක හුස්මට හිස් කරල දාල කින්ඩි හිනාවක් දාන් ආසිට ඇහැකුත් ගහගෙන මන් අනිත් පැත්ත හැරුනෙ බියර් බෝතල් ටික ඉවර කරපු නිසා ගෙදර යන්න කියල හිතල....

මො...මොකද මේ..පොළව හෙල්ලෙන්නෙ...

අත් දෙක දෙපැත්තට කරල උස්සගෙන මම ඇස් වටේ කරකව කරකව තනියම කියවද්දි..ආසි මගෙ ඉස්සරහට ඇවිත් හිටගෙන පපුවට අත් දෙක බැදන් බලාගෙන ඉන්නව කිසිම කතාවක් නැතුව.. මට විතරද මන්ද පොළොව දෙදෙරනව දැනෙන්නෙ..ඒ මිනිහ ඉන්නව ගහක කදක් වගෙ හිටගෙන බයක් සැකක් නැතුව..

ඒයි..රැවුලෝ..එහාට වෙනවා...එහාට වෙනව ඉතින්..ම...ම දැන් ගෙදර යන්න ඕන..

මම තොලත් පිට පෙරලගෙන එයාගෙ මූණ ලගට ඇඟිල්ලක් දික් කරල කියවන්න ගත්තහම නම් එයා කෙලින්ම බැලුවෙ මගේ ඇගිල්ල දිහානෙ..

ආව්...ආව්...මගෙ...ඇඟිල්ල...

ආසි පැන්න ගමන් මගෙ ඇගිල්ල එයාගෙ මිනීමරු දත් දෙකට තද කර ගනිද්දි.. මට අපාය මැවිල පේන්න ගත්ත..මම උඩ පැන පැන කෑ ගහපු කෑ ගැහිල්ලට ආසි බය වෙලාද කොහෙද ඇඟිල්ල අතාරිද්දි.. මම දුවල ගිහින් පඩි පෙල නගින්න ගත්තෙ එයාගෙන් බේරෙන්න කියල හිතාගෙන..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now