25 කොටස ✴️

1.4K 294 33
                                    

ආසි මාව කාමරේ දාල ගියයින් පස්සෙ කන්න බොන්න සේරම කාමරේටම ගෙනත් දුන්න ආසිගෙ ගෝලයො කිසිම අඩුවක් පාඩුවක් නොකර මාව බලාගත්තා.. ඉතින් එක රැයක් මම ඒ කාමරේ ගත කරේ ටිකක් අමාරුවෙන් උනත් මේ තැනදි නම් මට ලොකු ආරක්ශාවක් දැනුනෙ හිතට..මොකද මට විශ්වාසයි ආසි මට කරදරයක් නොවෙන විදිහට රකිනවා කියල..

ඒ හින්දම මම උදේ වෙලත් සැපට ඒ යකඩ ඇඳේ ගුලි වෙලා නිදන් ඉද්දි කාමරේ දොර ඇරෙන සද්දයත් එක්කම මම බැලුවෙ දොර දිහා ආසි ආවා කියල හිතල...

එන්න ඔයාව ගෙදර දාන්නම් මම...

අහ්...කෝ...ආසි...

ඇවිත් හිටියෙ ආසි නෙමෙයි.. ඒ හිටියෙ ආර්යා එයා මට ගෙදර යන්න කතා කරද්දි මම ඇඳෙන් බැහැල ඇහුවෙ ආසි ගැන..

එයා වැඩකට ගියා...ප්‍රශ්න අහල ඉවර නම් දැන්වත් එනවද මන් එක්ක...

හ්ම්...

ආසි ආපු නැති එකට මූණ එල්ල ගත්ත මම ආර්යාගෙ පිටි පස්සෙන්ම ගියෙ බිම බලාගෙන.. ආසි මට ආදරේ නිසා මට හොදින් කතා කරත් ආර්යා එහෙම නෑ.. එයා නම් හැම වෙලාවකම මට ගොඩක් නපුරු උනා..ආසිගෙයි ආර්යාගෙයි ගති ගුණ ගැන හිත හිත ගෙයින් එලියට ආවමයි මම මිදුලෙ ලොකු දැක්කෙ.. හම්මෝ නිකන් රාජ භවනක් වගේනෙ..රජ සැප අතෑරල අර මෝඩ ආසි ඉන්නවනෙ මුඩුක්කුවක කටු කකා.. හනේ ඉතින් මේ සැප සම්පත් අපිට නෑනෙ කඩවුලේ.. ගේ පුරාවටම කෑදර බැල්මක් දාගෙන මම හතර අතේ කැරකි කැරකි ඉදල ගිහින් ආර්යා නැග්ග ජීප් එකට නැග්ගහම එයා කිසි කතාවක් නැතුව ඩ්‍රයිව් කරන්න ගත්තා..

මන් එක්ක වචනයක්වත් කතා නොකරපු ආර්යා දිහා මම හොරෙන් හොරෙන් බැලුවත් මන් දිහා බැලුවෙවත් නැති එයා කෙලින්ම ගිහින් මාව ගේ ගාවින් දාල විදගෙන යන්න ගියා..

ඒ යකා නම් ගියා...ඒත් දැන් මම කොහොමද මෙහෙම ගෙට යන්නෙ.. තුවාල කැලැල් ඇග හැම තැම එහෙන් වෙලුම් පටි ඔලුව වටේම ඔතලා.. ආසි වෙලාවට එයාගෙ ඇඳුම් දෙකක් ඊයෙ ගෝලයෙක්ගෙ අතේ එවපු නිසා ඇඳුම් ටික විතරක් ශේප් උනාට.. අම්ම අහන දේවල් වලට උත්තර දෙන්න ගියාම මම තමයි අසරණ වෙන්නෙ..

අන්නා.........

අහ්......

ගේට්ටුව ලග හිටන් හිටපු මගෙ පිටි පස්සෙන් ඇහුන තම්බිගෙ හඬට මම ඒ පැත්ත හැරෙද්දි තම්බි ඉන්නව අතේ බඩු මල්ලකුත් උස්සන් ඇස් වල කඳුළුත් පුරවගෙන මන් දිහා බලන්..

ආසි 💣 ( ✔️ )On viuen les histories. Descobreix ara