07 කොටස✴️

1.3K 348 70
                                    

පස්සෙ කතා කරමු පුතා...දැන් යමු අර ළමයත් එලියට වෙලා බලාගෙන ඇති අපි එනකන්...

අනේ අම්මා...

විකාර නොකර එනව යන්න..

අම්ම මට බල කරපු නිසාම මන් එයා පස්සෙන් හෙමීට යද්දි.. අම්ම ගිහින් ගේට් එක ලග හිටපු ආර්යාට කෝපි තිබ්බ ට්‍රේ එක දීල.. මාවත් එයා ලගට තල්ලු කරල දාද්දි.. මන් බලාගෙන ආර්යා බිම බලන් හිනා වෙනවා.

යමුද එහෙනම්..

හ්ම්...

ආර්ය ඉස්සර වෙලා යද්දි.. මම ඉතින් එයා පස්සෙන් වට පිට බල බල යන අතර දැක්ක මිනිස්සු හොරෙන් ජනෙල් වල කර්ට්න් එහාට කරගෙන මන් දිහා බලන් ඉන්නෙ කියල..

දැන්නම් මට බයත් හිතෙනවා..

ආසි මට කියල මසාල චායි එක ගෙන්නගෙන මේ අහින්සකයට මොනා කරන්නද දන් නෑ හදන්නෙ.. නිකන් මගෙ හිතත් කියනව කියනව වගේ දැන් නම් උබ යන්නෙම මෝරගෙ කටට කියල ..

යන්න ඇතුලට..

තනියම..

ආර්ය දොර ගාවදි නතර උනේ මොකද එලියෙ ආසිගෙ ගෝලයො ඔක්කොම හිටපු නිසා.. ඉතින් මට තනියම ඇතුලට යන්න කියපු ආර්යාගෙන් මම අහපු මෝඩ ප්‍රශ්නෙට එයා එක පාරටම හිනා වෙන්න ගත්තා..

නැතුව ඉතින්.. අපි හැමෝම එන්න ඕනද දැන් ආ...

එයා ඇස් වලින් ඇතුල පෙන්නද්දි.. මම ඉතින් බිම බලාගෙන මනාලය බලන්න යන මනමාලි වගේ මසාල චායි එක අරගෙන දොරෙන් ඇතුල් උනාම ආර්යා දඩාන් ගාල දොර වහල දාපු විදිහට මාව ගැස්සිලා ගියා...

මොකෝ බය උනාද...?

ඒ ගැඹුරු කටහඬ මන් ඉන්න තැන ඉදල අඩි ගානක් එහයින් ඇහෙද්දි මම ඒ පැත්ත බැලුවෙ..

ඒ ගැඹුරු කටහඬ මන් ඉන්න තැන ඉදල අඩි ගානක් එහයින් ඇහෙද්දි මම ඒ පැත්ත බැලුවෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආසි 💣 ( ✔️ )Where stories live. Discover now