Chapter 2

3.4K 360 59
                                    

නෙහාර උන්නේ යුගාන්ගේ නළලට අයිස් තබා තවමිනි.යුගාන්ට නම් ගාණක්වත් නැත ඔහු නෙහාරගේ උකුල මත හිස තබාගෙන සින්දුවක් මුමුණමින් කකුල් දෙකද පද්දමින් උන්නේය.

"අම්මී..."

"ම්ම්ම්..."

"ඔයාගේ ලොකු පුතාගේ පස්සෙන් අර අගමැටි පුතා එනවානේ..."

"අල්ලලා දන්න පැටියෝ.."

"මං මේ කියන්නේ මං ඉස්සරහින් යනකොට එයා පස්සෙන් ඇවිදන් එනවා කියලා  නෙවෙයි අනේ..ගණන් ගන්නකෝ..ඒක ගණන් නොගෙන කොහොමද...?"

"ඔයා හිතන විකාර පැටියෝ ඔය...ඒ කොල්ලා මොකද ඔයාගේ පස්සෙන් එන්නේ...?"

"ආහ්..මරු...ඔයා මරු...ඔයා මරූ අම්මා..මොකද මගේ පස්සෙන් එන්නේ අහන්නේ...එන්නද හේතූ නැත්තේ..මේ මුළු මන්දාකිණියෙම ඉන්නවද අප්පා මං වගේ හුරතල් සෙක්සි කෑල්ලක්...හුහ්...ඒකම මදීද අරූට මහා පැණි ඇඹලයා වගේ මගේ පස්සෙන් එන්න..."

"මෙහේ ඇවිත් උකුලෙන් ඔලුව තියන්න දරුවෝ.."

නෙහාරගේ උකුලෙන් නැඟිටිමින් ආඩම්බරයෙන් ඔලුවත් උඩට උත්සන් ඉනටත් අත් දෙක තියාගෙන වනවා වනවා ඇවිදින යුගාන්ගේ පස්සට පාරක් ගැසූ නෙහාර කීවේ රවමිනි.

"ඒව්...පස්සට ගහන්න එන්න එපා හරිය...හුහ්...අනික මේ මං දරුවෙක් නෙවෙයි හරිය.. පැටියෙක්...මං නේශූ බබාගේ පැටියා..එතකොට අර අගමැටි පුතා තමා පැටියා කන්න ආව නරියා..."

"නරියෙක් ඇවිත් කන්න උඹ කුකුලෙක්ද..?මෙන්න මෙහේ වරෙන් බං...මට තව වැඩ තියනවා.."

"හාහා...මිසිස් වික්කාම සිංහට  සෑහෙන වැඩනේ..යන්නකෝ යන්නකෝ එහෙනම්..."

"මිසිස් කියන්න මං ගෑණියෙක්ද බං...6.30ට තේ බොන්න පහළට එන්න..."

"අයියෝ...ආදරෙන් කියන්නකෝ පැටියෝ...බං බොළං නොකියා..."

"විකාර..."

"ඔන්න මං දන්නේ නෑ අර නරියා එක්ක පැටියට යන්න හිතුනොත් එහෙම හොදේ..අම්මාගේ ආදරේ ටික ටික අඩු වෙද්දි පැටියාට මොනා හිතෙයිද කවුද දන්නේ...?"

යුගාන්ගේ කාමරයෙන් එළියට පැමිණි නෙහාර හිස දෙපසට සොලවා බරැති සුසුමක් පිට කලේය.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now