Chapter 14

2.8K 361 84
                                    

දැන් සෑහෙන වෙලාවක් තිස්සේ යුගානුයි මන්ධීර් අතරයි තිබ්බේ සෑහෙන නිහඬියාවක්.යුගාන් ඔලුව උස්සලා බැලුවේ නෑ වගේම මන්ධීර් හිටියෙත් ජනේලෙන් එළිය බලාගෙන.

ඩ්‍රයිවර් වගේම ආරක්ෂකයත් ඉස්සරහා කණ්ණාඩියෙන් මාරුවෙන් මාරුවට මේ කොල්ලෝ දෙන්නා දිහා බැලුවේ කුතුහලයෙන්.මොකද එයාලාගේ චූටි බේබි වැරදිලා යාළුවෙක් වත් මේ කාර් එකට නග්ග ගන්නේ නෑ.නරක මනුස්සයෙක් නොවුනත් එයාලාගේ චූටි බේබි කරුණාවන්ත මනුස්සයෙක් නෙවෙයි.පොඩ්ඩක් අගමැති උෂ්ණේ ඔලුවට ගහපු උද්දච්ච කොල්ලෙක්.ඒත් අද පලවෙනි වතාවට එයා එයාගේ කාර් එකට කෙනෙක් නග්ග ගත්තා වගේම ඒ කොල්ලාට කුඩේ දීලා එයා පස්සෙන් තෙමි තෙමි ආවා.

ඒ කොල්ලා වෙන කවුරුත් නෙවෙයි මිස්ටර් ප්‍රතාප්ගේ පුතා වගේම හැමදාම එයාලාගේ චූටි බේබිට කුඩේ ඉහලුව කොල්ලා කියලා ඒ දෙන්නාම දන්නවා.වෙනදාට ඒ දෙන්නාටම තහනම් කුඩයක් අරන් ඉස්කෝලේ ඇතුලට එන එක.ඒත් අද චූටි බේබිමයි මැසේජ් කරලා ගේට්ටුව ළඟට එන්න කිව්වේ.

යුගාන්ගේ මූණේ ලස්සන හිනාවක් ඇදුනා.ඒ මන්ධීර්ගේ ආරක්ෂකයා කණ්ණාඩියෙන් ඒ දෙන්නා දිහා බලපු වතාවක මාට්ටු වෙලා.ඉතින් යුගාන් ලස්සන හිනාවක් ඒ මනුස්සයාට දුන්නා.

"අයියේ...ඔයා කළු අදින්න එපා..ඔයාගේ skin tone එක brown නිසා ඔයාට nevy blue,green colour,dusty pink,white වගේ colours තමා සෙට්..එහෙම අදින්නකෝ ආයේ.."

"ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ ඌ මොකක් ඇන්දත්..අනික ඌ bodyguard කෙනෙක්..ඒ උගේ යුනිෆෝම් එක..තමුසෙට මොකද ඌ..."

"ෂ්...ෂ්...කටවහා ගන්න මන්ධීර්...අයියේ ඔයාගේ නම මොකක්ද..?"

"මංජුල.."

" ඇහුණා නේද මන්ධීර්...එයාගේ නම මංජුල...එයා මංජුල මිසක් ඌ,මූ නෙවෙයි..එයා මනුස්සයෙක් සතෙක් නෙවෙයි..වැඩිහිටියෙක් උනත් අයියා කියන්න දිව නැවෙන්නේ නැත්නම් අඩුම නම කියන්න ඌ මූ නොකියා ඉන්න හුරුවෙන්න..ඔයා අගමැතිගේ පුතා මිසක් අගමැති නෙවෙයිනේ.."

"මොන..."

"කට වහා ගන්නවා මන්ධීර්..පණ්ඩිතකම් දොඩවන්න එන්න එපා.."

යුගාන් මන්ධීර්ට කෑ ගැහුවා විතරක් නෙවෙයි පාරවල් දෙක තුනක් උරහිසට ගැහුවත් එක්ක.කණ්ණාඩියෙන් මන්ධීර් දිහා බැලූ ආරක්ෂකයා යුගාන්ව නවත්වන්නට පිටුපස හැරුණත් මන්ධීර් ඔහුට එපා කියා ඇස් වලින් කීවේය.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now