Chapter 35

2.8K 414 78
                                    

විරාජ ෆෝන් එක කනේ ගහාගෙනම බයික් එකේ යතුරත් අතට ගත්තේ හදීසියෙන් වගේ.

" ඇන්ඩෲ...ලොකු බේබිගෙයි පොඩි බේබිගෙයි තත්වේ මොකද..?"

" තාම ඒ ගේ ඇතුලේ සර්.."

" සද්ද එහෙම ඇහෙනවද..? මගේ බේබී අඩනවා එහෙම ඇහෙනවද..?"

" නෑ නෑ සර්..අහ්..සර්..මේ..බේබිලා දෙන්නා එනවා.."

" මොකද තත්වේ..ලොකු බේබි කොහොමද අඩලාද..? පොඩි එකා මොකද..? ඌ කේන්තියෙන් ද..?"

" නෑ සර්..පොඩි බේබි ලොකු බේබිව දරුවෙක් වගේ වඩාගෙන එක්කගෙන එන්නේ.."

" ආයීෂ්..ඒ පාර මොකද..? පොඩි එකාට ෆෝන් එක දීපං බං ටිකක්.."

විරාජ සද්ද නැතුව අනෙක් පැත්තෙන් ඇහෙන සද්ද වලට ඇහුන්කන් දුන්නා.ඒ නිසාම විරාජ දැක්කේ නෑ එයාගේ එහා පැත්තකට වෙලා අත් දෙක පපුවේ බැදගෙන බලාගෙන ඉන්න ශෙහාන්ව.

" හෙලෝ  මමා...ඇයි..?"

" මොකක්ද උනේ..? යුගාන්.."

" ප්‍රශ්නයක් නෑ..ශේප්..මං එයාව ගෙදර එක්ක යන්නම්.."

" හරි..මං එන්නම්..මං අද ඕකාව මකවහ්.."

විරාජගේ කනේ තිබුණු ෆෝන් එක ඇදිලා යද්දි විරාජ දැක්කේ එයා දිහා බලාගෙන ඉන්න ශෙහාන්ව.

" අ...අයියේ.."

" කොහෙද යන්න යන්නේ ආහ්..?"

" නෙහාරලාගේ දිහා.."

" ඒ ප්‍රශ්නේ දැන් හරි නේද..? දැන් එහේ යන්නේ මොකටද..?"

" ඒ උනාට අයියේ..."

" ඇයි ගිහින් අර අහින්සකයාට බැනලා ඌව අඩවලා එන්නද..? අනේ මේ බබා..මගේ යකා අවුස්සන්නේ නැතුව වහාම ආපහු හැරිලා ගෙට යන්න.."

" මං ගිහින් මොකද උනේ කියලා බලලා..."

" අනේ ඕයී මේ...මගෙන් කුණුහරප නාහා පලයං ඇතුලට..ගෑණු වගේ රෙද්ද හෝද හෝද මඩේ දානවා..පලයං යන්න ඇතුලට..යකෝ හැමදාම මං ගෙදර එන වෙලාවට උඹ වෙන මඟුල් වල රිංගනවා.."

ගැරේජ් එකේ බිත්තියට හේත්තු වෙලා උන්න විරාජව එළියට තල්ලු කරපු ශෙහාන් දිහා විරාජ බැලුවේ ගිනි පිටවෙන බැල්මකින්..ඒ හා සමානම බැල්මකින් ශෙහානුත් විරාජ දිහා බලද්දි විරාජ ආපහු අඩියක් ශෙහාන් පැත්තට තිබ්බේ අත මිටි මොලවගෙන.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now