එකොලහ හමාර වෙද්දි නෙහාර දවල්ට කෑමත් උයාගෙන ලෑස්ති උනේ යුහාෂිවත් ක්ලාස් එකට දාගෙනම ප්‍රතාප්ගේ ඔෆිස් එකට යන්න.
ප්‍රතාප් අකමැති උන නිසා පහා වසරෙන් පස්සේ කෙල්ලගේ කොණ්ඩේ කැපුවෙම නැති නිසා යුහාෂිට තිබුණේ දිග කොණ්ඩයක්.නෙහාර සතියකට සැරයක් කරන තෙල් සාත්තුව නිසාම කළුම කළු පෘෂ්ඨිමත් කොණ්ඩයක් යුහාෂිට තිබුණෙත්.අවුරුදු පහළොවක් උනාට කෙල්ල හැඩයි ඉටි රූපයක් වගේ.
කොහේ යන්න ගියත් අම්මාටයි දුවටයි වෙලා යන වැඩේ තමා කොණ්ඩේ පීරන එක.එක එක hair styles දුවට දාලා බලන්න නෙහාර ආසයි වගේම fashionable යුහාෂිත් ඒකටම සෙට් වෙනවා.නෙහාරම design කරපු ගවුම් තමා යුහාෂිට තියෙන්නේ..බෝනික්කෙක් වගේ ලස්සනයි කෙල්ල මේ ඇඳුම් වලට.
" යමු පුතේ..."
කෙල්ලගේ පොත් ටිකත් බෑග් එකට දාපු නෙහාර කිව්වේ කාමරෙන් එළියට යන ගමන්.
කාර් එක ගත්ත නෙහාර මුලින්ම ගියේ යුහාෂිව දාන්න.
" යන්නම් අම්මි..."
නෙහාරගේ ගෙළ බඳාගෙන කොපුලක් සිපගත් යුහාෂි කාර් එකෙන් බැස යද්දි නෙහාර ඒ දිහා බලාගෙන හිටියේ කීයක් අතර හිටියත් කැපී පෙනෙන යුහාෂි දිහා.කාර් එක හරවගන්නකොටයි නෙහාර දැක්කෙ පාර ළඟ බයික් එක නවත්තගෙන ඉන්න මන්ධීර්ව.
"මේ දරුවා මොකද මෙහේ...?"
" මට මොකද..?කතා කරලා අහු උනොත් එහෙම අයියා මාව මරයි.."
නෙහාර එයා එක්කම කතා කර කර ඉද්දි එතනට ආපු පොඩි කොල්ලෙක්ව දාගත්ත මන්ධීර් පියෑඹුවේ නෙහාරගේ කටත් ඇරෙද්දි.
" පරිස්සමට යන්න දරුවනේ..ඔහොම වේගෙන් ගිහින් හරියනවද..? අනේ මන්දා අද කාලේ හැදෙන උන්..යුග්මත් ඔහොමද දන්නේ නෑ..."
නෙහාර බැන බැනම කාර් එක ඩ්‍රයිව් කලේ ප්‍රතාප්ගේ ඔෆිස් එක දිහාට.ඔෆිස් එක ලං වෙන්න ලං වෙන්න නෙහාරගේ පපුව ගැහෙන සද්දේ වැඩිවෙන විදිහ නෙහාරටම දැනුනා.
" Excuse me sir..අපේ සර් කිව්වා කාවවත් ඇතුලට ගන්න එපා කියලා.."
" ඒ උනාට මට ඕනි වෙලේක යන්න පුළුවන් නේ.."