Chapter 13

2.8K 359 68
                                    

යුග්ම අදත් උදේ පාන්දර මේ ඉන්නේ අගමැතිතුමාගේ ගේ පිටිපස්සේ..අදට සති දෙකක්.එදා එයාට අයුකව හම්බ උනාට පස්සේ ආයේ එක දවසක්වත් එයා කොච්චර බලාගෙන හිටියත් එයාගේ ඇස් ඉස්සරහාට අයුක ආවේ නෑ.ඒත් යුග්ම එක දවසක්වත් මඟහැරියේ නෑ..එක විනාඩියක් එහේ මෙහේ කලේ නෑ..ඒත් යුග්මට ඊට පස්සේ මේ වෙනකල් අයුකව ඈතින්වත් බලන්න බැරි උනා.

අදත් එයා බලන් හිටියා.ඡායාවක් හරි එයාට පෙනෙයි කියලා..ඒත් නෑ..තව පරක්කු වෙනකල් බලන් ඉන්න එයාට බෑ.ඉස්කෝලේ යන්න ඕනි..එයාගේ රාජකාරි ටික අකුරටම කරන්න ඕනි.සුසුමක් හෙලපු එයා බයික් එක ස්ටාර්ට් කරගෙන යන්න ගිය.

අයුකත් පහු ගිය සති දෙකේම වගේ අදත් සුසුමක් හෙලලා ජනේලේ ළඟින් මෑත් උනා.

"දැන් ඇති යුග්ම..දැන් ඕක නවත්තන්න..ඔයා තාම පොඩි කොල්ලෙක්..තේරුමක් ඇතිව තමන් කරන්නේ මොකක්ද කියලවත් නොදැනයි ඔයා වැඩ කරන්නේ..ඔයා දන්නේ නෑ ඔයා මේ අඩිය තියන්නේ ගිනි ගොඩකට කියලා..ඔයා දන්නේ නෑ ඔයා මේ පැළඳගන්න උත්සහා කරන්නේ කටු ඔටුන්නක් කියලා..ඔයාට තේරුමක් නෑ...හැඟීම් වලට වහල් වෙනවා පිස්සෙක් වගේ..ඔයා මේ කිසි බරක් පතලක් නැතිව උදේ හවස එන යන එකෙන්ම මට ඒක තේරෙනවා..ඒත් මට සමාවෙන්න..මට හැඟීම් වලට වහල් වෙලා මගේ සතුට වෙනුවෙන් ඔයාව ගිනි ගොඩට ඇදලා දාන්න බෑ මල්ලි..මොකද මට වගකීමක් තියෙනවා..ජිවිත එක්ක සෙල්ලම් කරන්න බෑ මට..මට ඔයාව සෙල්ලමක් නෙවෙයි.."

අයුක තමන්ටම කියා ගත්තේ කියාගන්න බැරි දුකක් යුග්ම ගැන එයාගේ හිතේ හිරවෙද්දි..ඒත් ඇත්තටම අවුරුදු 17  පොඩි කොල්ලෙක්ව ඇමති කෙනෙක් උන එයාට ගැලපෙයිද..? අවුරුදු 17 නෙවෙයි ඊට වැඩිමල් කෙනෙක් එක්ක උනත් මේක අනිවාර්යයෙන්ම ගින්නක් වෙනවා.



"අඩෝ අද යුගානයාව බලන්න පුළුවන් ..."

"ඌ හෙන හොඳ එකා බං.."

"වෙන පීරියඩ් වගේ බෝරින් නෑ..ඌ දෙන ආතල් දරා ගන්න බෑනේ කොහොමත්..."

"මචං මං IT වලට කැමති හේතු තුනක් තියනවා..එකක් කැරකෙන පුටුව අනිත් එක සර් කාරයා සෙට් නියමෙටම..තුන් වෙනි හේතුව තමා යුගානයා.."

යුග් (Just For You - Season 02)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ