" යුගාන්..."
" ඕ අප්පච්චි..."
" අම්මාට කතා කරන්න..."
" ඉතින් ඔයා උඩ තට්ටුවේ ඉන්න මට බෙරිහන් දෙන වෙලාවේ අම්මාටම කතා කරන්න තිබ්බානේ.."
ශර්ට් අතේ බොත්තම් දමමින් උන් ප්‍රතාප් කෝපයෙන් පිරිණු දෑසින් කාමරයේ දොර රෙද්දේ එල්ලි උන් යුගාන් දෙස හැරි බැලුවේය.
" ඇයි අනේ..මං අරහේ ඉදන් දුවගෙන ආවා අප්පා..ලෑස්ති වෙන එකත් පැත්තක දාලා.."
" එහෙනම් පලයං..යකෝ මං මුන්ට ඕනි ඕනි කියන දේ දෙනවා..ඒත් මට දෙයකට උදව්වක් ඕනි උනාම එකෙකුට බෑ ඒක කරන්න.."
" මගේ දෙයියෝ.."
ප්‍රතාප්ගේ කෑ ගැහිල්ල ඇහිලා කුස්සියේ උන්න නෙහාර කාමරේට ආවේ යුගාන්ට යන්න කියලා හිසින් සන් කරන ගමන්.
නෙහාරගේ කට හඩ ඇහුනත් හැරිලවත් නොබලපු ප්‍රතාප් පාඩුවේ එයාගේ වැඩේ කරගෙන ගියා.වෙනදා ප්‍රතාප් යට කලිසමේ ඉදන් හැමදේම නෙහාරගේ උවමනාවට වෙද්දි අද ඒ එක දේකටවත් අවසර නැතිව නෙහාර බලන් හිටියා.
රණ්ඩුවෙන් පස්සේ දවසේ ප්‍රතාප් ළඟට තිබ්බ අඩිය නෙහාර ආපස්සට තිබ්බේ " මාව අල්ලන්න තියා හිතන්නවත් එපා උඹ " කියලා එදා ප්‍රතාප් ගුගුරපු විදිහ නිසා.සතියක් ගෙව්නා..ප්‍රතාප් තාම නෙහාර එක්ක වචනයක් කතා කරන්නේ නෑ..ගෙදර එන්නේ රෑ දෙළහත් පහු වෙලා..මේ සතියට නෙහාර අතින් හදපු තේ එකක්වත් ප්‍රතාප් බිව්වේ නෑ..දවස් දෙකක් තිස්සේ උදේ 11 ඉදන් කෑම එකකුත් උස්සන් නෙහාර ප්‍රතාප්ගේ ඔෆිස් එකේ ලොබි එකට වෙලා බලන් හිටියා.ඒත් ප්‍රතාප්ගේ කාමරේ දොර ප්‍රියන්මදාට ඇර වෙන කාටවත් ඇරුනේ නෑ..බලන් ඉදලා ඉදලා බැරිම තැන හවස 5 වෙද්දි නෙහාර ගෙදර ගියේ දරුවෝ තුන් දෙනා ගෙදර එන නිසා.
ඒ දවස් දෙකෙන් පස්සේ ප්‍රතාප්ගේ ඔෆිස් එකේ ගේට්ටු නෙහාරට වැහුණා..ඒ ආරක්ෂක හේතූන් මත ඔෆිස් ස්ටාෆ් එකට ඇරුණම පිට කිසිම කෙනෙකුට ඇතුළු වීම තහනම් කියන නියෝගය මත.
සතියකට පස්සේ අද පලවෙනි වතාවට ප්‍රතාප් යුගාන්ට කිව්වා අම්මාට කතා කරන්න කියලා.ඉතින් ඒක ඇහුණ නෙහාර අඩියට දෙකට මේ දවස් ටිකේ ප්‍රතාප් නිදියන පහළ තට්ටුවේ room එකට ආවා.