Chapter 12

2.9K 379 97
                                    

ගෙදර හැමවැඩක්ම ඉවර කරපු නෙහාර සද්ද නෑහෙන්න ප්‍රතාප්ගේ ඔෆිස් රූම් එකේ දොර ඇරලා ඇස් දෙක විතරක් ඇතුලට දාලා බැලුවේ ප්‍රතාප් කෝල් එකකද කියලා.

නෙහාර හරි.ප්‍රතාප් කෝල් එකක.කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් නෙහාරට මේ ප්‍රතාප් කතා කරන දේවල් නම් තේරෙන්නේ නෑ..මොකද ඒ අයිටී භාෂාවනේ.නෙහාර සද්ද නැතුව ගිහින් සෝෆා එකේ ඇල උනේ ප්‍රතාප් නැතුව කාමරේ ඇදට යන්න අකමැති නිසා.ඒක ගොඩක් වෙලාවට නෙහාරගේ පුරුද්දක්..එයා නිදා ගන්නෙම ප්‍රතාප්ගේ ඔෆිස් රූම් එකේ..එක්කෝ සෝෆා එකේ..නැත්තම් ප්‍රතාප්ගේ කකුල් දෙක ළඟ බිම,එහෙමන් නැත්තම් බිම ඉදගෙන ප්‍රතාප් දණිසේ ඔලුව තියාගෙන.ප්‍රතාප් ඉන්නේ කෝල් එකක නෙවෙයි නම් ඔන්න උකුලේ ඉදගෙන බබෙක් වගේ බෙල්ල අස්සේ ඔලුව ගහාගෙන නිදියනවා.

"Baby..come here.." ටිකකින් සෝෆා එකේ ඇලවෙලා කොට්ටේ බදාගෙන හරි බරි ගැසුණ නෙහාරව ප්‍රතාප් තමා වෙත කැදවූවේය.

"කතා කරන්න ඕනිද..?"

Meeting එක දිගටම ඇදෙනකොට ප්‍රතාප් ඇහුවේ mike එක mute කරලා.නෙහාර ඔව් කියන්න පස් හය වතාවක්ම ඔලුව ඉහළ පහළ කරද්දි ප්‍රතාප් එයාගේ දණහිසට තට්ටුවක් දැම්මේ නෙහාරට ඉදගන්න කියලා.

"Guys..that's it for today meeting..good night.."

අනිත් පැත්තේ ප්‍රතිචාර ලැබෙන්නත් කලින් meeting එකෙන් leave උන ප්‍රතාප් ලැප් එකත් වහලා දැම්මා වගේම ෆෝන් එකත් ඕෆ් කරලා පැත්තකින් තිබ්බා.ප්‍රතාප් කොහොමත් එහෙමයි..නෙහාරට එයා එක්ක කතා කරන්න ඕනි කිව්ව ගමන් හැම වැඩක්ම නතර කරනවා වගේම ෆෝන් එක ඕෆ් කර ගන්නවා.

"ඉතින් මොනාද තියෙන්නේ මගේ චූටි අම්මී බබාට කියන්න..." ප්‍රතාප් එහෙම ඇහුවේ නෙහාරගේ බඩමැදින් අතදාලා එයාව හරියට තමන්ගේ උකුලේ වාඩිකරගන්න ගමන්.

"පුතාලා දෙන්න...අයියේ..ඔයා ඒ දෙන්නා ගැන ටිකක් අවදානෙන් ඉන්න පුළුවන් ද..?"

"මොකක්ද ප්‍රශ්නේ..?"

"දෙන්නා ලෑස්ති වෙන්නේ හොඳ නාඩගමකට නෙවෙයි..යුග්ම උදේම බයික් එකත් අරගෙන යනවා..බස් එකේ ගමන දැන් නවත්තලා.."

"කමක් නැ..එයා එයාගේ පරිස්සම බලා ගන්න දන්නවා.."

"ඔයා එහෙම එයා ගැන over confidence ඉන්න එපා..එයා මහා මිනිහෙක් නෙවෙයි..අවුරුදු දාහතයි එයාට තාම.එයා යුගාන්ගේ වයස..ඊටත් වඩා විනාඩි දෙකක් බාලයි..එයා මහා කෙරුමාද..?"

යුග් (Just For You - Season 02)Where stories live. Discover now