Chapter 42

2.7K 570 138
                                    

අයුක තාමත් උන්නේ ඇදේ ඉදගෙන..අම්මා කියපු කතා එක්ක කොල්ලාට හොඳටම ලැජ්ජා හිතිලා..බිම බලාගෙන කොල්ලා ඇඟිලි එක්ක ලොකු වැඩක..යුග්ම නම් තාම දොර ළඟ හිටගෙන කට කොනින් හිනා වෙන ගමන් අයුක දිහා බලාගෙන..යන්තම් ඇස් උස්සලා යුග්ම දිහා බලපු අයුක ඒ කට කොනේ හිනාව දැකලා හොඳවයින් රවලා අහක බලා ගත්තා.

" මොකෝ රවන්නේ ම්ම්..."

" අනේ මේ..මොකද මොකද ඔය..."

" ඒයි ළඟට එන්න එපා.."

අයුක දිහා බලාගෙන අඩියෙන් අඩිය ඇඳ දිහාට එන යුග්ම දිහා බලපු අයුක ඉක්මන්ට කොට්ටයක් අරන් බදා ගත්තේ ඇදේ මුල්ලටම ගිහින් බිත්තියටම ඇලෙන ගමන්.

යුග්ම සපත්තු දෙක පිටින්ම දණිස නවලා ඇඳට ගොඩ වෙලා අයුක ළඟට ආවේ අයුක ඒ ඇස් දෙක බෝල කරන් යුග්ම දිහා බලාගෙන ඉද්දි.

" ඕවාට නම් ලෑස්ති වෙන්න එපා යුග්ම.."

අයුකට හුස්ම වැටෙන දුරින් ලං වෙලා බලන් ඉන්න යුග්මගෙන් ඇස් ඉවතට ගත්තු අයුක කිව්වේ හීනියට Ac එකේ උනත් දාඩිය බින්දු මතු වෙද්දි.

" ඇයි එහෙනම් ළඟට එද්දි පැනලා දුවන්නේ නැතිව ළඟට එනකල් බලන් හිටියේ..ම්ම්ම්..."

" මං බය ඇයි පැනලා දුවන්න..?"

" බය නැද්ද ඇමතිතුමා ම්ම්...ඒ උනාට ඇයි මේ පපුව මෙච්චර සද්දෙන් ගැහෙන්නේ ම්ම්..."

යුග්මගේ අත නැවතුනේ අයුකගේ වම් පියවුර මත.ඒ ඇස් ගැස්සුනා වගේම යුග්මට දැනුනා කලබල වෙලා එළියට පනින්න දගලන හදවත ගැහෙන සද්දේ..

කලබල වෙච්ච මුව පැටියෙක්ගේ වගේ වෙච්ච ඇස් උස්සලා අයුක යුග්ම දිහා බැලුවේ එයාගේ පපුවේ රැදුණු ඒ දරදඩු අත අත් දෙකෙන්ම අල්ල ගන්න ගමන්..යුග්මගේ ඇස් හරි මනමාල පාට වෙලා..ඒ ඇස් වල තිබුණේ අමුතු එළියක්..හරියට පොඩි එකෙක්ට ඌ ආසම සෙල්ලම්බඩුව අතට ලැබුණා වගේ උද්‍යෝගී ගතියක්..ඒත් ඒ කට කොනේ හිනාව..ඒ හිනාව හරියට අයුකට ඔච්චම් කරනවා වගේ..

" යුග්ම...."

" ම්ම්ම්..."

" ම්හ්හ්හ්හ්.."

යුග්ම ඇඟිලි පහෙන්ම ඒ ගැහෙන පපුව මිරිකුවා..අයුකගේ මුළු මූණම බයටද ලැජ්ජාවටද කියාලා හරියටම  කියන්න බැරි හේතුවකට රතු වෙලා..

යුග් (Just For You - Season 02)Where stories live. Discover now