යුග්ම උදේම ඇහැරිලා පන්ති යන්න ලැහැස්ති උනත් යුගාන් තවම නින්දේ..
" ඕයි...ඕයී...නැගිටපං යකෝ...තෝ අද පන්ති යන්නේ නැද්ද..?"
" ම්ම්හ්..."
යුග්ම කකුලෙන් යුගාන්ගේ පස්සට ඇන්නත් යුගාන් තව ටිකක් ගුලි උනා මිස නැගිටින්න නම් අදහසක් තිබුණේ නෑ.
" නැගිටපං බල්ලෝ..."
" ආව්...අම්මාහ්හ්.."
ඒ සැරේ නම් යුග්මගෙන් හයියෙන්ම පයින් පාරක් වදිනකොට යුගාන් ඇහැරුණේ කෑ ගහාගෙන.
" මූණ හෝදගෙන ලෑස්ති වියන්..පන්ති යන්නේ නැද්ද තෝ...?"
" හරි හරි අනේ..."
නාන කාමරයට ගිය යුගාන් කණ්ණාඩියෙන් පේන එයාගෙම රූපෙ දිහා බලාගෙන උන්නේ කලකිරීමෙන්.ඇස් දෙක ඉදමලා..නාහේ බර ගතියත් එක්ක ඇස් දැවිල්ල දැනෙද්දි අනිත් පැත්තෙන් ඔලු කට්ට පුපුරන්න වගේ දැනෙන වේදනාව යුගාන්ව අඩපන කලා.
සුසුමක් පිට කරලා ළය සැහැල්ලු කර ගත්ත යුගාන් ඉක්මනින් මූණ හෝද ගත්තේ පන්ති යන්න පරක්කු වෙන නිසා.අද පන්ති නොයා ඉන්න හිතුනත් ගියත් නොගියත් කිසිම දේකින් එයාට පැනලා යන්න බෑ කියලා තේරෙද්දි යුගාන් තවත් අසරණ වුණා.
" ලොකූ...තමුසෙට සනීප නැද්ද..?"
අයියලා දෙන්නාට තේ අරන් ආව යුහාෂි ඇහුවේ යුගාන්ගේ මැලවුණු මූණ දැකලා.
" ඔලුව කැක්කුමයි..ඒකයි..."
" බොරු ලෙඩ දාගෙන ක්ලාස් කට් කරන්න නම් ලෑස්ති වෙන්න එපා ලොකූ හොඳේ.."
යුගාන්ගේ නළලට අත තියලා බලපු යුග්ම කිව්වේ නළලෙ රස්නයක් නැති වෙද්දි..
" අනේ මං මොකටද ක්ලාස් කට් කරන්නේ..හුහ්..."
යුහාෂි මැදලා දුන්න ශර්ට් එකත් ඇද ගත්ත යුගානුත් ලෑස්ති වෙනකල් බලන් උන්නු තුන් දෙනාම පහළට ගියේ කෑම කන්න.
මන්දනා ඒ වෙද්දිත් උදේ කෑම මේසෙට ඇරලා.මන්දනාගේ දුවයි පුතාලා දෙන්නයි එක්ක මන්දනාගේ මහත්තයාගේ මල්ලිගේ පුතා උන ඔඛිතත් කෑම මේසේ වාඩි වෙලා බලාගෙන උන්නේ අයියලා නංගිලා එනකල්.
YOU ARE READING
යුග් (Just For You - Season 02)
Non-Fiction21+ අසබ්ය වචන හා mature content අඩංගුය.