Chapter 56

2.2K 398 165
                                    

සතියකට පස්සේ තමන්ගේ ගෙදර ආපු අම්මාට මන්දනා තේ එකක් හදලා දුන්නේ දෙන්නත් එක්ක බර කයියක් ගහන ගමන්.
කොළඹ ආවා කියලා රූපා කවදාවත් එයාගේ ඔසරියෙන් නම් මිදුනේ නැති වෙද්දි  මේ වයසේ අනිත් අයට වඩා රූපාට තිබුනේ ගම්බීර ලස්සන පෙනුමක්.ඉස්සර කළු කෙස් අතරේ තැනින් තැන තිබුණු සුදු කෙස් වෙනුවට දැන් තියෙන්නේ සුදු කෙස් අතරේ තැනින් තැන කළු කෙස්.අවුරුදු 75ක් වෙලත් පෘෂ්ඨිමත්ව නිරෝගීව ඉන්න රූපා ඇත්තටම මේ පවුල් දෙකට හයියක්.ගමට ඉස්කෝලේ හාමිනේ වෙච්ච රූපා කොළඹට නම් ප්‍රතාප් සර්ගේ අම්මා එහෙමත් නැත්නම් ලොකු මැඩම් උනා.

" මං නිලේෂ්ට කිව්වා අප්පච්චිගේ බෙහෙත් ගේන්න කියලා..."

" මං ඒත් මතක් කරන්න හිටියේ උඹට කොල්ලාට කියන්න කියලා..අදින් බෙහෙත් ඉවරයි අප්පච්චිගේ..."

" ඇත්තටම මට අමතක උනා අම්මා..නෙහාර තමා මතක් කලේ.."

" අනේ මයේ කොල්ලා..මොන දීපංකරේ ගියත් හැමදේම හොයලා බලනවා.."

" එයා කොහොමත් එහෙමනේ අම්මා..මට තේරෙන්නේ නෑ මේ කොල්ලා කොහොම මනුස්සයෙක් ද කියලා.."

" ඒකටත් එක්ක අර යක් පැටව් තුන්දෙනා..ඒ කොල්ලාගේ එක ගතිගුණයක් ගෑවිලාවත් නෑ..තුන්දෙනාම මහා මිනිහයි උඹයි වගේ..නොසන්ඩාලකම.."

" අනේ අම්මා මේ..මගේ ගතිගුණ කොහෙන් එන්නද උන්ට..අර පොඩි ගස්බල්ලාගේ ගති තමා උන්ට තියෙන්නේ..මං මොනා කරාටද..?"

" මොනා කරාටද..? අර පොඩි එකී එහෙම් පිටින්ම උඹ..එහෙම්පිටින්ම උඹ...උඹේ ආරෙටමයි යන්නේ.."

" ආව් අම්මා...මට දැන් 50ක් අනේ..ඔහොම ගහන්නේ.."

තේ බීපූ කෝප්පේ හෝදන්න ගිය රූපා යුහාෂිට තියෙන්නේ මන්දනාගේ ගති කියලා අත පුරවලා දෙතුන්පාරක්ම දුන්නා මන්දනාගේ පිටහරහට.

" ඔයා මට තමා දුෂ්ඨකම් කරන්නේ..ඇත්තටම අම්මා මාව අරන්ද හදා ගත්තේ.."

" ඔව් තෝ කාණුවෙන් ඇහින්දේ..අන්න අහට පල..තාම බෝංචි කරලේ දෙකොන කඩලා ඉරි අයින් කරගන්න බෑ..පනහයි පනහයි ගානවා.."

මන්දනාට තව පාරක් ගහපු රූපා බොංචි කරල් වල දෙපැත්ත කඩන්න ගත්තේ මන්දනා පිට අකුලගෙන පැත්තකට වෙද්දි.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now