Chapter 5

3.1K 377 136
                                    

නිවසට ගොඩවුණු ප්‍රතාප්ට මුලින්ම හම්බ උනේ නෙහාර.ඒ සාලේ සෝෆා එකේ වාඩිවෙලා අත් දෙකත් පපුවේ මැදට  බැදගෙන කකුලක් පිට කකුලක් දාගෙන දොර දිහාට රවාගෙන බලන් ඉන්නවා.

"කීයද වෙලාව..?"

"නවයයි.."

"කොහෙද ගියේ..?"

"Out station හිටියේ..එන්න පරක්කු උනා..ඇයි..?"

" ම්ම්..මොන මඟුලේ ගියත් මට කියලා යන්න බැරිද..?ඇයි අහන කැත..ඔයා ලැජ්ජා නැතිව මගෙන් ඇයි ඇහුවද..?මං මෙතන ඇස් කඩාගෙන බල්න් ඉන්න ඕනි උදේ ගිය මිනිහා මොන මඟුලේ ගිහින්ද මෙච්චර පරක්කු කිකියා හිත හිත..ඔයා දන්නවානේ නේද මං නොකා නොබී තමුන් එනකල් බලන් ඉන්න්වා කියලා...කෝල් එකක් අරන් කියන්න තරම්වත් යුතුකමක් නැද්ද අප්පච්චි ආහ්..මං එන්න පරක්කු වෙනවා ඕයි කියලා හරි මට එක මැසේජ් එකක් හරි දාන්න බැරිද..?ඒතරම් ඔයා බිසීද ආහ්....?"

"මං ප්‍රින්සස්ට කිව්වා.."

"ආහ්..ඇත්තද මීට පස්සේ සේරම පණිවිඩ ප්‍රින්සස්ටම කියා ගන්නවා..ඔය දොරවල් අස්සේ අහුමුලු වල හැංගිලා බලන් ඉන්න ඔක්කොටම එක්ක මං මේ කියන්නේ..මීට පස්සේ කිසි දේකට අම්මාට කතා කරන්න එපා..උඹලා උඹලාට ඕනි එකෙක්ට පණිවිඩ දීගනිල්ලා..අදින් පස්සේ මං තොපි එකෙක් ගැනවත් හොයන්නේ නෑ..එනකල් බලන් ඉන්නෙත් නෑ..ඕනි මඟුලක ගිහින් ඕනි එකෙක් එක්ක ලැගලා ඕනි මඟුලක් කරගෙන වරෙව්..මට අදාළ නෑ..මගේ කෝල් එකක් ආන්සර් කරන්නනත් තමුසෙලාට ලැජ්ජාද..?යාළුවෝ එක්ක හිටියේ...බයික් එකේ එනගමන් හිටියේ..බෙස්ටි එක්ක කෝල් එක්ක හිටියේ..වැඩගොඩක හිටියේ..මං මැරෙන්න වැටිලා ගත්තත් ඔච්චරයිනේ..මං එක වචනයක් ගන්න කෝල්ස් දහයක් විතර ගන්න ඕනි..මීට පස්සේ නෑ..මං තමුසෙලාට කෝල් කරන්නෙත් නෑ..තමුසෙලාට මට කෝල් කරන්නත් බෑ.."

ෆෝන් එක පොළොවේ ගැසූ නෙහාර එය කෑලි වලට කැඩෙනකල් කකුලෙනුත් ගසමින් පාගමින් කෑ ගැසුවේ ප්‍රතාප් වගේම අනිත් තුන් දෙනත් පුදුම වෙද්දි.

"නේශූ..."

"අම්මී..අප්පච්චි  මට කතා කරලා කිව්ව එකට ඇයි ඔච්චරම කේන්ති ගන්නේ..ඔයා කොහොමද මට ඔහොම ඉරිසියා කරන්නේ අම්මි..."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now