Chapter 41

2.6K 438 122
                                    

ලංකාවට දවල් උනාට රුසියාවට නම් දැන් උදේ..ප්‍රතාප් දුලාජ්ගෙන් ලැබුණු මැසේජ් එකට රිප්ලයි කරලා ඇදෙන් බැස්සේ නිරුවතින් උන්න නෙහාරව හොඳට පොරවලා..heater එකත් on කරලා..ඊයේ රෑ wash දාන්නත් කම්මැලි වෙද්දි නෙහාරව තෙත රෙද්දකින් පිහදැම්මෙත් ප්‍රතාප්..හිම වැටෙන සීතලේ උනත් ඇදුම් ඇද ගන්න බෑ කියලා නාහෙන් අඩපු නෙහාර අන්තිමට නිරුවතින්ම ප්‍රතාප්ගේ පපුවට තුරුළු උනා..

ප්‍රතාප් උදේ wash room යනවත් එක්කම ඇහැරුණු නෙහාර කම්මැලිකමින් ඇදේ එහාට මෙහාට පෙරළුනා..ඒත් කම්මැලි උනොත් ප්‍රතාප්ට ඔෆිස් යන්න පරක්කු වෙයි කියලා බය වුණු නෙහාර ඇදෙන් නැගිට්ටේ මෙහේ ගොඩක්ම තියෙන්නේ ක්ෂණික ආහාර නිසා මොනා හරි හදලා ගන්න.

ප්‍රතාප්ගේ ඇදුම් ටික තෝරලා පැත්තකින් තියපු නෙහාර උයන්න කුස්සියට ගියා.

" Good morning baby.."

පැයකට විතර පස්සේ තේ එකත් හදාගෙන ආව නෙහාරගේ කම්බුලට හාදුවක් දෙන ගමන් තේ එක අතට ගත්ත ප්‍රතාප් කීවේ අනිත් අතින් නෙහාරගේ කොන්ද අතගාන ගමන්..

නෙහාරගේ මූණේ ලස්සන හිනාවක් ඇදුනා.ප්‍රතාප්ගේ මේ චූටි චූටි ආදරණීය වැඩ නෙහාරට ගෙනාවේ සතුටක්.

" නේශූ..බබා..මගේ ෆෝන් එකේ ඇති contact number එකක් Mr.Peter කියලා..ඒ නම්බර් එකට document වල ඇති   Flutter කියලා documentation එකක්..ඒක send කරන්නකෝ.."

" Flutter කියන්නේ මොකක්ද අයියේ..?"

" ම්ම්..Software development kit එකක්..ම්ම්..ඒ කිව්වේ අපි පාවිච්චි කරන ඔය app හදන්න පාවිච්චි කරන software එකක්.."

" ඔයා ඇයි ඒ documentation එක අර මිනිහාට යැව්වේ..?"

" baby..don't speak like this..He is not අර මිනිහා..මේ මිනිහා..he is Mr.Peter..call him by his name..."

" අයියේ..කවුද මේ දුලාජ් කියන්නේ..ඇයි එයා ඔයාට පැටියාගේ ෆොටෝ එකක් එවලා..ආහ්..මේ මේ ඉන්නේ මන්ධීර් නෙහ්හ්.."

මෙච්චර වෙලා කණ්ණාඩිය ළඟට වෙලා කොණ්ඩේ හදමින් උන්න ප්‍රතාප් ඉක්මන්ට ඇවිත් නෙහාරගේ අතින් ෆෝන් එක උදුර ගත්තා.

"අයියේ..කවුද දුලාජ් කියන්නේ..මගේ පැටියාට මොකද වෙලා තියෙන්නේ..එයාලාට කරදරයක් ද..? අයියේ කියන්නකෝ.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now