නෙහාර කෝපී කෝප්පේ ප්‍රතාප්ගේ ඉස්සරහින් මේසේ තියලා ප්‍රතාප්ට මුහුණලා තිබුණු සෝෆා එකේ වාඩිවෙද්දි ප්‍රතාප් කෝපි එක අතට ගත්තා.
" ඔයා බොන්නේ නැද්ද..?"
" මට හුරු විදිහ ඔයා දන්නවා.."
ප්‍රතාප් කට කොනින් හිනාවෙලා කෝපිකෝප්පෙ තොල ගෑවා.
" මොනවද කතා කරන්න ඕනි.."
" අපි ගැන..පව්ල ගැන..මං ගැන.."
" ම්ම්ම්..."
" මං අම්මා නේද අයියේ ළමයින්ගේ..මටත් එයාලාව අයිතිනේද..?"
" මොනාද අහන්නේ..එයාලා කොහොමත් ඔයාගේ..එයාලා මටත් වඩා එකතු ඔයාට,ආදරේ ඔයාට.."
" නෑ එයාලා අපි දෙන්නාටම එක වගේ ආදරෙයි..ඒත් ආදරේ පෙන්නන විදිහ වෙනස්..අපි දෙන්නත් එහෙමනේ..ඔයා ආදරේ පෙන්වන විදිහයි..මගේ විදිහයි වෙනස්.."
" ම්ම්..ප්‍රශ්නේ මොකක්ද?"
" මං එයාලා ගැන නොදන්න එක..ඔයා දැනගෙනත් මට හංගන එක..මට අයිතියක් නැද්ද එයාලා ගැන දැනගන්න...ඇයි එයාලා මගෙන් හංගන්නේ.."
" එයාලා මගෙන් හංගන්නේ නැතිව නෙවෙයි නෙහාර..උන් අම්මාටසිරි වෙන්න මගෙන් හංගනවා..ඔයා දන්නවා මං යුහාෂිව ඇර අනිත් දෙන්නාවම හිර කරලා තිබ්බේ නෑ..පිටිපස්සෙන් ඉදන් රැක ගත්තා මිසක්..මං එයාලාට පියඹන්න දෙනවා..හැබැයි එයාලාට නොදැනෙන්න එයාලා පස්සෙන් වාලාකුළු වගේ යනවා..වැටුණොත් වැටෙන්නේ මගේ ඇග උඩට..උන්ට රිදෙන්නේ නෑ..එතකොට අර වලාකුළු නොදැන ඉදිවිද නෙහාර උන් අත්තටු ගහලා පියඹන තැන්,නවතින තැන්,කන බොන දේවල්..උන්ට රිද්දන රිදෙන දේවල්...?"
" හරි ඒත් ඇයි ඔයා මට හංගන්නේ.."
" එතන මගේ වැරැද්දක් ඇති..ඒත් මං හිතනවා මං සාධාරණයි..මොකද..? යුගාන් මන්ධීර්ගේ පස්සෙන් යනවා කියලා මං ඔයාට කිව්වාම ඔයා ඒකට react කරන විදිහට මං බය උනා..යුග්ම අයුක එක්ක යාළුයි කියද්දි ඔයාගේ reaction එක ගැන බය උනා..මොකද ඔයා කියන්නේ overreact කරන, ඕනිවට වඩා කලබල වෙන..ඉක්මන්ට දුර්වල වෙන කෙනෙක්..මං වැරදිත් නෑ පහුගිය ටිකේ ඔයාගේ හැසිරීම බලද්දි හරිත් නෑ..මට ඕනි උනේ ඔයාට බරක් නොදෙන්න..ඔයාව කලබල නොකර ඔයාගේ සමකාමී නිදහස් ජීවිතේ ඔයාට දෙන්න.."