Chapter 19

2.8K 386 92
                                    

යුගාන්ව ක්ලාස් එක ළඟින් දාලා හරවගෙන ගිහින් අතුරුපාරට දාලා ටික දුරක් යද්දි අයුකගේ ඩිෆෙන්ඩර් එක නවත්තලා තියෙනවා දැක්ක යුග්මගේ කට කොනේ හිනාවක් නැඟුනේ එක විනාඩියක් හරි පරක්කු උනොත් යනවා කියපු කෙනාව මතක් වෙලා.

" Thats how you want to behave..I don't care who are you..for me you're my lover..."

ඩිෆෙන්ඩරය ඉස්සරහින් බයික් එක නතර කර යුග්ම බැහැලා ගිහින් ඩෙෆෙන්ඩර් එකේ දොර ඇරියේ කාගෙවත් අවසරයක් නැතුව.හැබැයි දොර ඇරුණු ගමන් යුග්මගේ හිනාව නැති වෙලා ගියා.එදා වගේම අදත් අයුක හිටියේ එයාගේ ආරක්ෂකයෝ එක්ක.
හැබැයි අද උන්නේ ඩ්‍රයිවර් එක්ක තව දෙන්නෙක්.ඒ දෙන්නාම අයුක මැද තියලා දෙපැත්තේ වාඩි වෙලා උන්නා.

" ඔයාට වෙලාවට..."

ඒත් අයුකට කියන්න උනේ එච්චරයි..ඩිෆෙන්ඩර් එකේ දොර මහා හයියෙන් වැහුනේ ආරක්ෂකයෝ දෙන්නත් ගැස්සිලා යද්දි.

දොර වහලා දාපු යුග්ම බයික් එක දිහාට යද්දි අයුක ඒ දිහා බලන් හිටියේ කේන්තියෙන්.

" මං මෙච්චර වෙලා බලන් හිටියේ ඔය ටිකටද..?"

තමන්ටම මුමුණා ගත්තු අයුක බලන් හිටියේ යුග්ම හෙල්මට් එක දාන දිහා.බයික් එකට නැගලා ස්ටාර්ට් කරන්න යද්දි ඉවසලා බැරිම තැන අයුක නැගිටලා යන්න හැදුවත් එක ආරක්ෂකයෙක් එයාව නැවැත්තුවා.

" මං ඌව ඇතුලට දාගන්නම්...සර් ඉන්න.."

"මං කිව්වානේ අද ඉදන් එයාට අතක්වත් තියන්න තොපි ඔක්කොටම තහනම් කියලා..එළියට බහින්න එපා මං එනකල්..තේරුණානේ..එළියට බහින්න තහනම්..කියන දේ නෑහුවොත් රස්සාව ඉවරයි..."

කෝපයෙන් දත්මිටි කාපු අයුක එසේ කියා වාහනෙන් බැස්සේ උරහිසත් ගස්සගෙන.

කේන්තියෙන්ම යුග්ම ළඟට ගිය අයුක යුග්ම හිතන්නත් කලින් බයික් එකේ යතුර ගලවලා අරන් ඈතට විසි කලා.

"මොන හුත්තක්ද..."

අයුකගේ ලා දුඹුරුපාට නැෂනල් කිට් එකේ පපුව මැදින් ගුලි කර අල්ලා තමන් වෙත ඇදගත් යුග්ම ඇසුවේ කේන්තියෙන්.

"හෙල්මට් එක ගලවන්න..."

අයුක කිව්වේ එයාගේ පපුව ළඟින් ගුලිකරලා අල්ලන් උන්න යුග්මගේ අතින් අත් දෙකෙන්ම අල්ලන ගමන්.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now