Chapter 22

3K 354 107
                                    

බයික් එක ගේ ඉස්සරහම නවත්තලා අඩියට දෙකට තවමත් ගේ දොරකඩ ඉදන් මූණට මූණ් බලන් ඉන්න මන්ධිර් - යුගාන් ළඟට ආව යුග්ම යුගාන්ව දෙපැත්තට හරවලත් බලලා කම්බුල් පවා අල්ලලා බැලුවේ ඒ කම්බුල් වල තෙත දැක්ක නිසා.කොල්ලා නලලටත් අත තියලා බැලුවා.

යුග්මගේ කලබල උන ඇස්,ඒ මූණෙන් පෙනුන බය විච්ච පෙනුම දැක්කාම යුගාන්ට තමන් ගැනම ඇති උනේ තරහක්.යුග්ම එයාව තනියම ගෙදර දාලා ගිය එකටයි..පැටියාගේ අම්මා නංගි එක්ක shopping ගිය එකටයි ඇත්තටම යුගාන් උන්නේ කේන්තියෙන් වගේම ඉරිසියාවෙන්.ඒ නිසාම එයා ඇඳට වැටෙද්දි calls ආවා ඇහුණත් ඒ යුග්ම කියලා දැක දැකමත් කෝල් 5ක් ඇවිත් cut වෙලා යද්දිවත් ෆෝන් එක දිහා ඇහැක් ඇරලා හිතුවක්කාරයා බැලුවේ නෑ.අන්තිමට නින්දේ යාගෙන එද්දිමයි දොරේ බෙල් එක වැදුනේ.දැන් දැන් තමන් ගැනම එන තරහා නිසා අඩන්න බලාගෙනම උන්න ඇස් කඳුලින් පිරිලා යද්දි යුගාන් යුග්මව බදා ගත්තේ සමාව ඉල්ලන්න ඕනි නිසා.

" ඇයි අන්සර් නොකරේ..තමුසේ අසනීපෙන්ද..?මූණ ඇයි අඩලා වගේ..තමුසේ බය උනාද..? සොරි ඕයි..මං තමුසෙව ආයේ තනියම ගෙදර දාලා යන්නේ නෑ..සත්තයි..එවෙලේ යන්න එපා කිව්වා නම් ඉවරනේ..යන්න කියලා අඩන්නේ..බය උනාද බෙල් එක වදිනකොට.."

යුග්ම මෙච්චර කතා කරාමද කොහෙද..රෑ වෙලා තනියම ගෙදර දාලා ගියපු එකටයි.මන්ධීර්ට එන්න දුන්න එකටයි යුග්ම පසුතැවුනා.යුග්ම හිතුවේ යුගාන්ගේ කම්බුල් වල තෙත තිබුණේ බයට අඩපු නිසා කියලා..ඒත් ඇත්තම හේතුව දන්නවා නම් මෙතන මිනි මැරුමක් උනත් කවුරුත් පුදුම වෙන්නේ නෑ.

තොල් දෙකත් නොපිට පෙරලන් මූණ බෙරි කරගෙන , කේන්තියෙන් ඇස් හීනි කරන් යුග්මගේ පපුවට හේත්තු වෙලා මන්ධීර්ට ඔරවන යුගාන් දිහා මන්ධීර් බලන් හිටියා.

ඇත්තටම මේ මූණ ඉඹින්න නොහිතෙන්නේ කාටද..? යුග්මගෙන් ඇඳලා ඇරන් මේ පොඩි පැටියාව ඇයිදෝ මන්දා මන්ධීර්ට තමන්ගේ පපුව අස්සේ ගහා ගන්න හිතුනා.

මන්ධීර්ට පුදුමයි ඇයි නිදිමතේ උන්න යුගාන්ව දැක්කම එයාට පාලනයක් නොවුනේ කියලා.නිදිමත පිරුණු මූණ.දුහුල්ම දුහුල් ටී ෂර්ට් එකක්..මං හිතන්නේ අප්පච්චිගේ පරණ ටී ෂර්ට් එකක් පුතා ඇදන් ඉන්නේ.ඒ ටී ෂර්ට් එක දණිහට අගල් දෙකක් විතර උඩින් නැවතිලා තියෙන්නේ.ඒ දුහුල් ටී ෂර්ට් එක අස්සෙන් කළු පාට ටී ෂර්ට් එකට වඩා කොට ශෝර්ට් එක පේනවා.වෙන කෙනෙක් ඇන්දා නම් සෙක්සී කියන්න තිබ්බා.ඒත් යුගාන්ට නම් තිබ්බේ පට්ටම හුරතල් පෙනුමක්.ඒ පෙනුමටයි  මන්ධීර්ට එයාවම වාවගන්න බැරි උනේ.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now