මන්ධීර් උන්නේ පාන්දර දෙකටත් ඇහැරගෙන.නින්දේ යන්නේ නැති තැනමයි කොල්ලා බැල්කනි එකට ආවේ..ආපහු වතාවක් සිගැරට් එකක් උරන්න හිතුනත් මන්ධීර් එයාවම පාලනය කරගත්තේ එයාවම විනාස කර ගන්න අකමැති නිසා.
" චූටි බේබි...සමාවෙන්න රෑ කරදර කරා නම්..ඇහැරලා ඉන්නවා දැක්ක නිසයි ආවේ.."
" details මොනවද..?"
" ඔඛිත නිකේත් රත්නායක..අවුරුදු 23යි..N$## කැම්පස් එකේ visualization degree එකක් කරනවා..කළුතර තමයි ගෙවල්..හැබැයි දැන් ඉන්නේ නිලේෂ් රත්නායක කියන කෙනාගේ ගෙදර..නිලේෂ් කියන්නේ මිසිස් මන්දනා එහෙමත් නැත්නම් ප්‍රතාප් සර්ගේ අක්කාගේ මහත්තයා.."
" ඒ කියන්නේ යුගාන් කසින් කෙනෙක්.."
" ඔව් බේබී..පොර සාමාන්‍ය පොරක්..ලොකු ලොකු නඩු තියෙන එකෙක් නෙවෙයි..graphic designing,photography, video editing වලට කාපර් කෙනෙක්.."
" නරක එකෙක් නෙවෙයි.."
" ඔව්..මේ CCTV footage බලන්න..බේබිට ඕනි වෙයි කියලා ගෙනාවේ.."
මංජුල මන්ධීර්ගේ අතට පොඩි චිප් එකක් දෙද්දි මන්ධීර් ඒක ෆෝන් එකට සම්බන්ද කලා.
" යුගාන්ගේ හැසිරීම එයාගේ සාමාන්‍ය හැසිරීමට වඩා වෙනස්..එයා uncomfortable..ඒත්..මේ බලන්න මංජුල..එයා කකුල් හොලවන වේගේ..ඒ කියන්නේ එයා බයෙන් ඉන්නේ..හැබැයි එයාගේ කතා කරන රටාවෙන් කියන්න පුළුවන්..යුගාන් ඉන්නේ තරහෙන්..එක අතකින් බය අනිත් පැත්තෙන් බය හංගන්න කේන්තිය.."
යුගාන් ඇස් කොනින් බල බල තොල දිවෙන් තෙත් කරන දිහා බලන් උන්නු මන්ධීර්ගේ අත් මිටි උනත් එයාගේ මූණේ හිනාවක් ඇඳුනා.
" he teasing him.."
" චූටි බේබි..."
" ම්ම්...මොකුත් නෑ..දැන් යන්න..ගිහින් නිදා ගන්න..මං තව ටිකකින් නිදියනවා.."
" ඒත් චූටි බේබි එළියේ ඉද්දි.."
" මං ඉන්නේ මගේ රූම් එකේ බැල්කනි එකේ අයිසේ..මගේ කාමරේ එළියේ දොර වැහෙන්න ඕනිද තමුසෙට නින්දේ යන්න..ගිහින් නිදා ගනින් බං.."
මංජුල යන්න යද්දි මන්ධීර් ආයේ ආයෙම ඒ cctv video දිහා බලන් හිටියේ උවමනාවෙන්.
YOU ARE READING
යුග් (Just For You - Season 02)
Non-Fiction21+ අසබ්ය වචන හා mature content අඩංගුය.