Chapter 24

2.6K 403 86
                                    

නෙහාර අද ප්‍රතාප්ගේ ඔෆිස් රූම් එකට ගියේ  නෑ.නෙහාර තරහෙන් ඉන්නේ.ඒ බව දන්න ප්‍රතාප් වැඩ ඉවර උනත් ඉක්මන්ට නිදා ගන්න කාමරේට යන්න උවමනා කලේ නෑ.

යන්තමට වගේ ඔෆිස් රූම් එකේ දොර ඇරපු ප්‍රතාප් රබර් ඇහැ දාලා බැලුවේ ලයිට් ඕෆ් කරලද කියලා.

ලයිට් ඕෆ්..ඒත් නෙහාර නිදිද දන්නේ නෑනේ..whatspp last seen..one hour ago..

" ඒ කියන්නේ නිදි.."

ප්‍රතාප් ශේප් එකේ ඔෆිස් රූම් එකෙන් එළියට බැස්සා.සද්දයක්වත් නෑහෙන්න කළුවරේම හිමිට හිමීට අඩිය තිබ්බ ප්‍රතාප් ටික දුරක් ගිහින් මොකක හරි කකුල වද්ද ගත්තා.

" මොන..හු....න්..න්..නේශූ..."

මෙච්චර වෙලා ලත උනේ නෙහාරව මගහරින්න උනත් ඒ වැඩේ අසාර්ථක උනා කියලා ප්‍රතාප්ට තේරුනේ කකුල වැදිලා තත්පරයක් යන්නත් කලින් සාලේ on උන ලයිට් නිසා.ලයිට් ටික on කල නෙහාර රිමෝට් එක මේසේ උඩට විසික් කරලා ප්‍රතාප් දිහා බැලුවේ රවාගෙන.

නෙහාරගේ මූණට දැන් අබ දැම්මොත් පුපුරනවා.කකුලක් පිට කකුලක් දාගෙන අත් දෙකත් පපුවට බැදගෙන නෙහාර තාමත් රවාගෙන ප්‍රතාප් දිහා බලාගෙන..ප්‍රතාප් හරියට වැරැද්දක් කරලා ප්‍රින්සිපල් ළඟට එක්ක ගිය ළමයෙක් වගෙ නේශු ඉස්සරහා හිටගෙන ඉන්නවා.

" වැඩ ඉවරද මහත්තයා.."

" ඔ....ඔව් නේශු.."

" අද සෑහෙන වැඩවගේ ඒ කියන්නේ.."

" ඔව්නේ.."

අතේ තියාගෙන පවන් ගගහා හිටපු පොත නෙහාර සද්දේ ඇහෙන්නම මේසේ උඩට දමා ගැහුවේ එයාගේ තරහා පෙන්නනමයි.

" මොන වැඩේ තිබ්බත්...මහත්තයාට මං කියලා ඇති වෙලාවට කන්න බොන්න කියලා..ඔයාට මගේ කෑමත් එපා වෙලාද දැන්..?"

" ඔයා ඔය තරහා ගන්නේ බොරු හේතු වලට නේශූ.."

නෙහාරගේ තොල් වෙව්ලන්න ගත්තා..ඒ කම්බුල් වලට ලේ උනලා රතු උනා..ඇස් කොනකින් එක කඳුළු කැටයක් එලියට ඇවිත් ඒ උකුලට වැටුණා.

" බොරු හේතූ...ඔව් බොරු හේතූ..ඔයා කන්න නාපු එක බොරු හේතුවක්..ඔයා මාව කාර් එකේ පිටිපස්සේ ඉන්දපු එක බොරු හේතුවක්..මං තෝරපු ටී ෂර්ට් එක වෙනුවට දුව තෝරපු එක තෝරගත්ත එක බොරු වරදක්..අර පාවෙන පඩිපෙළේ  මාව දාලා දුවගේ අත අල්ලන් ගිය එකට දුක හිතෙන්නේ බොරුවක්..සේරම බොරු..සේරම..මමත් ඔයාගේ බොරුවක්..ඇත්තටම බැලුවම ඔයාගේ ආදරෙයි හැමදේම බොරු..."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now