Chapter 4

2.9K 351 55
                                    

බයෝ පන්තිය අවසන් වුණු යුග්ම පසෙකින් නවතා තිබූ තම බයික් එක වෙත පැමිණියේ ඔහුට උන් එකම මිතුරන් දෙදෙනාද සමඟය.

"මේ තොපිට හිතෙන්නේ නැද්ද පාර්ලිමේන්තුවේ අසාමාන්‍ය නිහඩතාවය හොඳකට නෙවෙයි කියලා..?"  සනෝජ් ඇසුවේ යුග්මගේ කරට අත දාගනිමිනි.

"උඹ කවදා ඉදන්ද politics ගැන උනන්දු වෙන්න ගත්තේ...?"

" politics මඟුලක් නෙවෙයි හුත්තෝ..මං කිව්වේ අර මැති ඇමති පවුල ගැන...ගලා අරූගේ නළල පුපුරන්න ගැහුවනේ..."

"මොන වැඩ්ඩා උනත් ගලාගේ අප්පච්චිට බයයි...වචනයයි වත්කම් ෆයිල්ස් හොර බිස්නස් ෆයිල් සේරම එළියේ ඊට පස්සේ.."

" ඔච්චර කතා කරන්න දේවල් නෑ..අර ඉන්නේ උඹලා බලාපොරොත්තු උන බඩු..."

සනෝජ්ගේ හා මිනෝෂ්ගේ කතාව නිහඩව අසා සිටි යුග්ම කීවේ ඇස් වලින් තම බයික් එක අසළ සිටගෙන සිටින කළු ඇදගත් මිනිසුන් දෙදෙනා පෙන්වමිනි.

"අප්පාට හිකේ...ශුවර් එකටම ඔය අගමැතියා නෙවෙයි..හිච්චි අගමැටියා.."

"ඌ තමා..." යුග්ම පිළිතුරු දුන්නේ ඊට මදක් එහායින් වූ ඩිෆෙන්ඩරය දෙස ඇස් කොනින් බලමිනි.

"මිස්ටර් ප්‍රතාප්ගේ පුතා කවුද..?"

"ඇයි...මොකෝ මිස්ටර් ප්‍රතාප්ගේ පුතා හොයන්නේ..DNA check කරන්නද..?"

මිනෝෂ් ඇසුවේ යුග්මව පිටුපසට කර ඉදිරියට එමිනි.

"මල්ලි මේ..අනුන්ගේ සීනී කිරන්නේ නැතුව කවුද මිස්ටර් ප්‍රතාප්ග්..."

"මොකක්ද ප්‍රශ්නේ...?"

"පොඩ්ඩක් අපි එක්ක එන්න...ඇමතිතුමාට කතා කරන්න ඕනිලු.."

තවත් වරක් ප්‍රතාප්ගේ පුතා කවුදැයි ඇසූ පුද්ගලයාගෙන් යුග්ම ඇසුවේ ඉදිරියට එමිනි.

"මොකෝ යුග්මව තනියම හම්බවෙලා අතුරු මිතුරු කරන්නද අගමැති පුතා හදන්නේ..."

"මේ මල්ලී..මේ..."

"සනෝජ්..දැන් ඇති උඹලා පලයල්ලා..."

කට ගහන සනෝජ්ගේ කොලර් එකෙන් අල්ලන්න ගිය ආරක්ෂකයාව අත දමා වැළකූ යුග්ම සනෝජ් දෙස ඇස් කොනින් බලා අණ කලේය.

යුග් (Just For You - Season 02)Où les histoires vivent. Découvrez maintenant