3 කොටස

1K 133 1
                                    

ඒ නිසා එයා ගාවින් ආපු සුවද හොදටම විදගන්න වගේ මං ලොකු හුස්මක් අරගන්නවත් එක්කම මට බර හුස්මක් පිට උනා..හරියට හිතෙ හංගං හිටපු දෙයක් එකපාට්ටම නිදහස් උනා වගේ..ඒ දැනුන සැහැල්ලුවත් එක්ක මූනෙ ඇදුන හිනාවත් තුරුලු කරගෙනම නිදි දෙව්දුව වැලදගන්න ඔන්න මෙන්න ඉද්දි මට ඇහුනෙ...

"මගේ සුදු මැණික!"

-----------------

යකා ගහලා වගෙ සනීපෙට නින්ද ගිය මට ඇහැරෙද්දි නම් ඇගෙ තිබ්බ පන නැති ගතියයි ඔලුවෙන් ආපු හිරිවැටිල්ලයි ගොඩක් දුරට අඩු වෙලා තිබ්බා..ඒත් මාව එකපාට්ටම ගැස්සිලා ගියේ අර ඊයෙ නින්දෙන් උනත් මට දැනිච්ච ගැටපිච්ච සුවද වෙනුවට කාමරෙ පුරාම පැතිරිලා තීන රෝස මල් සුවදට්..ඊව් කවුද යකො සෙන්ට් බෝතලේම ඇගෙ උලාගෙන ආපු බේසිකයා!!!අපෙ අම්මායි අයියයි මායි තුන්දෙනාම සූද බබාලා වගෙ ගාන්නෙ ඕඩික්ලෝන් ම්හුම් 

මං ඉතින් එකපාට්ට ඇස් ඇරලා වටපිට බලනකොට තමා දැක්කෙ චෙනුයි,බිනුයි එක්ක වාඩිවෙලා ඉදපු අමේලි aka අමල්බිසෝව...ඉහික් දෙයියනෙ මේ මොකක්ද මෙ කඩං පාත් උන හෙනගෙඩිය! මේ ගැනි කොච්චර බැ කිව්වත් පස්සෙන්ම එනවනෙ..

මගෙත් කරුමෙකටද මංදා මං අමේලි දිහා බලනකොටම ඒකිත් මගෙ දිහා බැලුවා..මං බලන් ඉන්නවා දැක්ක ගමං මගෙ පැත්තට දුවන් එනකොට සත්තයි මං හිතුවෙම මේකි නතර වෙන්නෙ මාවත් යටකරගෙන කියලා...කොහොමින් කොහොමහරි වැටෙන්නෙ නැතුව ආපු අමේලි පටස් ගාලා අල්ල ගත්තෙ මගෙ කම්මුල් දෙකෙන්. ඒකත් ඇස් වල කදුලු පුරෝගෙන..ඊව් මෙ මොන නාඩගමක්ද මේ? අම්මෙ මාව බේරගන්නකොඕඕඔ!!
ඔයාගෙ සුදු පුතා කෙල්ලොන්ට කැමති නැනෙ ඉහිම්

"දෙවියනෙ සිනෙත්..ඔයාට කොහොමද දැං? ඔයා හොදින් නේද? අනෙ ඔයා හොදින් නේද අනෙ? මං පිස්සුවෙන් වගෙ හවස ක්ලාස් ඉවර වෙනකන් බලන් ඉදියෙ ඔයාව බලන්න..ඔයාට මොකක්ද උනෙ ආ??අන්-"

"දෙයියන්ගෙ නාමෙට ඔය චැටබොක්ස් එක වහගනින් අමේලි..ඒ කොල්ලගෙ ලෙඩත් වැඩි වෙනවා තමුසෙ ඔහොම කියවන්න ගත්තාම..තමුසෙ මෙතෙන්ට ආවෙ සිනෙත්ව බලන්නනෙ..දැං බලාගත්ත නිසා යන්න" චේනු දිව්‍ය ලෝකෙන් වැඩිය සක්‍ර දේවේන්ද්‍රයා වගේ එහෙම කියනකොට අමේලිගෙ මූන ඇද වෙලා ගියා

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now