4 කොටස

766 131 4
                                    

සිනෙත් pov

හම්මොහ් සතියක්ම ආතල් එකෙ හිටියා වගේ නෙවෙ ඉස්කොලෙ ගියාම මට ලියන්න තියෙන නෝට් තොගේ දැක්කාම තරු පේන්න ගත්ත..අරුන් දෙන්නා අනිත් සබ්ජෙක්ට්ස් දෙකෙ නෝට්ස් ලියලා දුන්නත් අපෙ සෙට් එකෙ මං විතරක් පොලිටිකල් කරන නිසා ඒ ටික තනියෙන් ලියාගන්න සිද්ද උනා...අයියා කොච්චරවත් ඒ ටික කාගෙන් හරි ඉල්ලං ලියාගනිම් කිව්වත් ඒක ගනන් ගන්නෙ නැතුව පස්සත් උඩ දාං කාටුන් බලපු මට හොදම වැඩෙ!

මං ඉතින් යකඩ පුටුවෙත් හොදට හරිබරි ගැහිලා නමෝ විත්තියෙන් 1978 මූලික ලක්ශන ප්‍රශ්නෙ පොතෙ ලියන්න පටන් ගන්නකොටම එතනට කඩං පාත් උනෙ අමල්බිසොයි,ඒකිගෙ යාලුවයි..ඊව්ව් දැන් නම් වමනෙ යන්නත් වgay

"හෙලො සිනෙත්..දැං කොහොමද ඔයාට?"

"හොදයි."

"මොකක්ද අනෙ තනි වචනෙන් උත්තර දෙන්නෙ? ටිකක්-"

"සිනා අන්න ඔයාට සොනාල් සර් කතා කරා..ඉක්මන්ට මියුසික් රූම් එකට එන්නලු"

දෙයියනෙ ඒක ඇහුවා විතරයි මගෙ මූනට පට්ට හිනාවක් ආවෙ..මං ඒ හිනාවෙන්ම පණිවිඩෙ ගෙනාපු එකා දිහා බලලා ඌට සැලියුට් එකක් ගහලා අරුන් දෙන්නට  යන්නම් කියන්නෙත් නැතුව මියුසික්  රූම් එක දිහාට ඇවිදං ගියෙ ඒකිගෙ වදෙන් නිදහස් වෙන්න පුලුවන් වෙච්ච එක ගැන සතුටින්.

මාත් හාවෙක් වගෙ උඩ පැන පැන ගිහින් දඩස් ගාලා දොර ඇරගෙන මියුසික් රූම් එක අස්සට ගියා

"අයියණ්ඩියේ!!!!!"

"තොට හැමදාම කියනවා ඉස්කොලෙදි සර් කියලා කතා කරපන් කියලා..මූට කියනවට වඩා හොදයි දෙයියනෙ කට බිම උලාගන්නවා"

"හරි හරි ඕඉ ජන්ම පුරුදුනෙ..ඇයි කතා කරෙ?"

" අද අර ගොඩනැගිල්ල විවෘත කරන උත්සවේ සින්දුවක් කියන්න හිටිය කොල්ලා අසනීප වෙලාලු..මේ හදිස්සියෙ තව ලමයෙක්ව ප්‍රැක්ටිස් කරවන්න බැ..ඒ හින්දා ඔයාට තමා කියන්න වෙන්නෙ..ඔයා ඉතින් කෝමත් ඉස්කොලෙ ගීත කෝකිලාවනෙ" අයියා කිව්වෙ කින්ඩියට කට කොනෙන් හිනාවකුත් දාලා

"අනේ මේ..මගෙන් අහගන්න එපා ඔයා හුහ්..මොකක්ද දැං කියන්න ඔනෙ සින්දුව-"

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now