20 කොටස

750 101 5
                                    

වේද් pov

අර කෙල්ලො දෙන්නා අපි ලග හිටං ඉන්නකොට අපි දෙන්නා වාඩි වෙලා හිටිය ගහ ලගින්ම වගෙ තව කෙල්ලො පස් දෙනෙක් විතර හිටගෙන හිටියා...අපි ලග හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් අහිංසක පාට උනාට අනිත් කෙල්ල නම් නෙලීශගෙ ට්වින් කෙනෙක් වගෙ පට්ට සංකර පාට උනා!
මං දිහා කන්න වගෙ බලන් හිටපු සංකර කෙල්ලගෙ බැල්ම තේරිච්ච නිසා සුදු මැනිකත් තද කරලා මගේ අත අල්ලගත්තා..එයා අල්ලගත්ත අත දැක්ක ගමන් අර කෙල්ලගෙ බැල්ම වෙනස් වෙනවා අපි දෙන්නම දැක්ක

"අයියා can i get your number?" ඒ කෙල්ල හෙන ස්ට්‍රේට් ෆෝවර්ඩ් විදිහට එහෙම අහනකොට මං දැක්කා ඒ කෙල්ල ලග හිටපු කෙල්ල නලල අතගාගන්නවා..සුදු මැනිකගෙත් මූන වෙනස් වෙලා යනවා මං දැක්කා

"හහ්?"

"I like you so much..so...Can i get your number?"

"You just saw me though? Anyways i cant give you my number cause im gay and this is my lovely boyfriend" මං වටින් ගොඩින් යන්නැතුව එකපාරම එහෙම කියලා සුදු මැනිකගෙ කර වටේ අතක් දාගත්තේ මේ කන්වසේශන් එක දුර දිග අරං යන්න ඔනෙ නැති නිසා ...  මං එහෙම කිව්වාම මෙ කෙල්ලගෙ සපෝර්ට් එකට ආපු කෙල්ලට ලොකු හිනාවක් යනකොට අර කෙල්ලගෙ මූන වැරදියට හදපු ආප්පයක් වගේ උනා

"මං හිතුවා!!!දෙයියනේ!!අනේ ශෝයි අනේ"

"තමුසෙට පිස්සුද නෙතූ?මොන ජරාවක්ද මංදා? ඕක ලෙඩක්...!" කෙල්ල ඒ අන්තිම එක නම් කිව්වෙ අපි දෙන්නා දිහා බලාගෙන..මට ඒක ගානක් නැති උනාට මගෙ කොල්ලගෙ ඇහෙන් එක කදුලක් හරි වැටුනොත් මං ලෑස්ති වෙලා හිටියේ මේ ගැනිගෙ මූන දෙක වෙන්න පාරක් ගහන්න ..ඒත් උනෙ හිතපු නැති දෙයක්

සිනෙත් pov

මගෙ මිනිහට කෙල හලනවා මදිවට ලෙඩ වලට බෙහෙත් දෙන්නත් ආවා පරම්ටි...මට ආපු තරහට මං අයියගෙ අතත් ගසලා දාලා ඒකිට සමාන්තරවම හිටගත්තා.

"ලෙඩක් නම් හොද කරල දෙන්නකො බලන්න දොස්තර නෝනා.."

"හහ්?"

"අනිත් අයගෙ ලෙඩ හොද කරන්න කලින් හොදනැද්ද මුලින්ම තමන්ගෙ කන් දෙකෙ තියෙන කලාදුරු ටික අයින් කරන් හිටියොත්? " මං ඇස් දෙකත් රෝල් කරන ගමන් ඒම කියනකොට මං දැක්කා ඒකිගෙ කටත් ඇරෙනවා

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now