12 කොටස

601 106 2
                                    

කොල්ලගෙ චැට් එක කියෙව්ව ගමන් කලබල වෙච්ච මට ඉක්මන්ට ඔනි උනෙ නැගිටලා  එයා ගාවට දුවන්න උනත් එයා ඊලගට
කිව්ව දේත් එක්ක මට ආවෙ තරහක්

සුදු මැණික ♡︎
අපෙ අයියා ශේන් අයියත් එක්ක යාලු වෙලාද කොහෙද...ඒත් ඕක බදින්න වෙන්නැ ම්හුක්

මූට ඇත්තටම පිස්සුද???

කියලා මං හිතුවෙ දත්මිටි කන ගමන්.. ඒත් තරහා පැත්තකින් තියලා ඒකට haha මුනක් දාලා මං මගෙ කොල්ලත් එක්ක පුරුදු විදිහටම චැට් කරෙ ඉස්සර වගේම තාමත් එයාට මගෙ පොඩි වෙනසත් අදුරගන්න පුලුවන් නිසා...

_____________

Time skipped~

සිනෙත් pov

අද ප්‍රයිස් ගිවින් එක දවස...හ්ම්ම්....අද උදේ ඉදං මට හරිම අමුතුයි..මොකක්දෝ නරක වෙන්න යනවා වගේ..මං කස්ටියුම් එකත් බාගෙට ඇදගෙන ඇදේ ඇලවුනෙ යන්න බෑම කියලා හිත කියපු නිසා..ඒත් ඒවෙලේම කාමරේට කඩ පාත් උනේ අපෙ අයියා

"ආහ් මේ මොකද මේ? ඒයි පොඩි එකො නැගිටපං!!තව පැය බාගෙකින් හිරුමිත අයියලා එනවා...අයියෝ තමුසෙ තාම ලෑස්ති වෙලත් නැ! කෝ නැගිටිනවා මේක හරියට අන්දන්න"

"අනෙ අද ඇගට හරි නැ වගේ ඕයි..මට ඉන්න බැරි වෙයිද ගෙදර?" මං ඇහුවෙ ඇද ඉස්සරහින් හිටං හිටිය අයියගෙ ඇගට හේත්තු වෙලා..අයියාත් එහෙන්මම මගෙ ඔලුව අතගාන්න ගත්තා..

"ඕක උදේ කිව්වා නම් මොකක්ම හරි කරගන්න තිබ්බා ඒත් පැය භාගයක් තියලා මං කොහෙන් ලමයෙක්ව හොයන්නද? අනික මං දන්නවනෙ තමුසෙට ඕක කරන්න පුලාම් කියලා..අහ්..කොහෙද තමුසෙගෙ පාද සලඹ දෙක?අයියෝ ඒවවත් ලෑස්ති කරගෙන නෙවෙ ඉදලා තියෙන්නෙ..තමුසෙ නම් ඇත්තටම මල්ලි!!!" 

"හරි හරි ඉතින් ඩාං වෙනවා ඩූං වෙනවා..ඒක අල්මාරියෙ එහා පැත්තෙ පොඩි ලොකර් එකෙ දාලා ඇත්තේ.." අයියා කියපු පරක්කුවට  දොර ඇරියාම තමා මටත් මීටර් උනෙ එදා මිස්ට ගැටපිච්චයා දීපු ගිෆ්ට් එක එබුවෙ ඒකට නේද කියලා..මගෙ වෙලාව හොද කමටද මංදා ඒ පැත්තෙ දොර ඇරිය ගමන් දොග් ගාලා ඒකම බිමටම පත බෑවුනා- කෙලියා නේද-

"අ-අ-අයියේ කො..කො දෙන්න ඕක..බිනා දුන්නෙ- නැ නැ බින්-බිනාගෙ ඔව්..ඕක බිනාගෙ"

සිවේද් - Yizhan Nonfic [Completed✅] حيث تعيش القصص. اكتشف الآن