15 කොටස

632 107 2
                                    

ඒක මම නෙවෙ වේද් සන් ඔයයි කියන්න ඔනෙ.."කියලා කටකොනින් හිනාවක් දාපු එයා  පෙන්නුවෙ අපෙ  පිටපස්සෙන් අපිව වටකරපු මිනිස්සු තොගේ පෙන්නලා..එතන මිනිස්සු 100 කට වැඩියෙන් මිසක් අඩුවෙන් නම් හිටියෙ නැ..

"ඉතින්...ඕගොල්ලො හිතන් හිටියේ ඔයාගෙ හොදම යාලුවෙක් වෙච්ච ශේන් ගැන මං නොදැන ඉදි කියලද ආහ්?" මගෙ කුඩම්මා එහෙම කිවෙ එයාගෙ කොට කොන්ඩේන් මූනට වැටිච්ච කොන්ඩ කෑල්ලක් කරකවන ගමන්..

"ශේන් ඇමරිකා ගිහින් ආපු මුල්කාලෙ ඔයා ගැන නරක කියෙව්වාම මං විශ්වාස කරත්..එයා මල්ලිට වඩා අයියට ලං වෙනකොට මං කරෙ එයාගෙ පිටිපස්සෙනුත් මිනිස්සු දාපු එක..අනික මං දැනන් හිටියා ඔයා සිනෙත් ඉන්න තැනත් දන්නවා කියලා.. හහ් හහ් හා..මාව රවට්ටන්න හිතුවා මදි..එනිවේස් මං දවස් ගානකට කලින් දැනන් හිටියෙ අද ඔයා මෙහෙම එනවා කියලත් සෝ සන් ඩු යු ලයික් මයි සප්‍රයිස්?ම්ම්න්?? ඔය කට්ටියටම ඉතින් හෙවන් එකෙ රෙස්ට් ඉන් පීස් කරන්න පුලුවන්"

"නැන්දි ඔයාට-වේද් අයියව මරන්න බැ!!! එයාව මට ඕනි!"

"ශටප් නෙලීශා!!මෙතනින් අද පණ පිටින් එළියට යන්නෙ තුන්දෙනයි!!ඒ මමයි,අයියය්,ඔයයි විතරයි.. බෝයිස් ටයි දෙම් අප් ලෙට්ස් ගිව් දෙම් අ ලිට්ල් ප්ලෙශ'හහ් හහ් හා!! කියලා "එයාගෙ මිනිස්සුන්ට" කිව්වත් එක්කෙනෙක්වත් නෙවෙයි හෙල්ලුනෙ..

"For what are you fuckers waiting for? I said fucking tie.them.up" නාලනි ආන්ටි ඒක නම් කිව්වෙ තද කටහඩකින්..ඒත් ආයිත් පාරක් 'එයාගෙ මිනිස්සු' හෙල්ලෙන්නැතුව ඉන්න්කොට නම් අපි කට්ටියට හිනා ගියා

"මොකද  මැඩම්...බ්ලැක් කැට්ස්ලා ඔයා කියන දේ අහන්නෙ නැද්ද?" මං කින්ඩියට වගේ එහෙම අහනකොට නාලනිගෙ ඇස් වලින් ගින්දර පිට වෙන්න ගත්තා

"මොකද තමුසෙ-" මට බනින්න ඇරපු එයාගෙ කට වැහිල ගියෙ එතනට ආපු අප්පච්චි නිසා...අප්පච්චි එනවත් එක්කම අපි හිටිය රූම් එක ඉස්සරහා හිටගෙන හිටපු කට්ටිය ඈත් වෙලා ඉඩ දුන්නා

"නි-නිමාන් ඔ-"

"ශ්ශ්ශ්ශ්ශ්ශ්!!මෙච්චර වෙලා ඔයා කතා කරානෙ දැං මං කතා කරන්නම්..හ්ම්ම්.."අප්පච්චි එයාටම හුරු පුරුදු ගැඹුරු කටහඩින් කිව්වෙ එයාගෙ වටෙ ඉන්න කට්ටියව සයිලන්ට් කරලා දාලා

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now