last chapter

1.1K 129 25
                                    

අවුරුදු 13 කට පසු~~

සිනෙත් pov

"බුදාම්මෝහ්හ්!!"

"මොකද අනේ කෑගහන්නෙ?" මං ඇහුවෙ ඉක්මනට උඩට දුවලා යන ගමන්..ඒපාර තුන්දෙනත් එක්ක එකතු වෙලා මොන නාඩගමක් නටලද දන්නැ!ඒත් අපි දෙන්නාගෙ මාස්ටර් බෙඩ් රූම් එකට ගිය මට මගෙ හිනාව නවත්තගන්න බැරි උනේ අයියගෙ මූන දැක්ක නිසා..

මං හිතුවා යස්ස කොල්ලො දෙන්නා කාමරේ අස්සට යනකොට මොකක්ම හරි හොර වැඩක් කරන්න තමා යන්නෙ කියලා..ඔය කරලා තියෙන්නෙ..අයියගෙ මූන ගන්න දෙයක් නැ! පැටිග්නම් වලින් ඇදලා

"මේ බලන්නකො සුදු මැනික මගේ මූනට කරලා තියෙන දේ.."අයියා කිව්වෙ මූනත් බෙරි කරගෙන.. ලමයි තුන්දෙනෙක් ඉන්න අප්පච්චියෙක් හැසිරෙන හැට් නම් හරිම අපූරුයි

"කෑගහපු විදිහට මං හිතුවෙ හරී ලොකු දෙයක් වෙලා කියලා..!"

"ලොකු දෙයක් තමා..මේක කොච්චර හැන්ඩ්සම් මුනක්ද! "

"අනේ ඉතින් හාකො..මේ..ඉක්මනට ලෑස්ති වෙන්න අපි 3 ටවත් යන්න ඔනේ එහෙට...මං තවුසෙට කීපාරක් කතාකරාද ආහ්? දැන් මගෙ උදාන වාක්‍ය වැඩ කරන්නෙත් නැනෙ"

"දැන් ඉතින් අපිත් බැදලා උනුත් බැදලා සෝ.."

"ආහ් එහෙමද මහත්තයෝ?? ඉන්නකො ඉන්නකො මං ඉක්මනට හො- ම්හ්ම්හ්ක්ම් ආව්වා පස්සට ගහන්න එපා වදේ රිදෙනෝනෙ"

"රිදෙන්න තමා උබට දෙන්නෙ මම!ආවා මෙතන ඉක්මනට හොයාගන්න..."

"ඔයැයි මොනාත මෙ දොඩන්නෙ ඈ? මං කිව්වෙ....නැ නැ මං මුකුත් කිව්වෙ නැ ඕම බලන්න එපා ඒයි මේ දරුවට බය හිතෙනෝනෙ..ම්හුක්! දැන්වත්
නැගිටිනවකො අයියෙ ඇග උඩින්..තමුසෙ තවත් බර වෙලා..ජිම් යන එක නවත්තනවකෝඕඕ..උදේට නැගිටින්නවත් පණක් නැ මේ අලි ඇගට යට උනා-"

"අප්පච්චි අර මල්- උප්ස්-" අයියා මාව තදට බදාගෙන හිටියත් අපෙ ලොකු කොල්ලගෙ කටහඩ ඇහිච්ච ගමන් අපි දෙන්නා ඉක්මනට ඈත් උනා..වස ලැජ්ජාවයි මේ සතියට මේම වෙච්ච හයවෙනි පාර

"...."

"හෙ හෙ මං නම් මුකූත් දැක්කෙ නැ!!!ඒත් අප්පච්චි ලස්සනාආආආආයි" මගෙ ලොකු පැටියා ඇස් දෙක නටව නටව කිව්ව විදිහට අපි දෙන්නටත් හිනා ගියා..එයා සිවේද් යුවේන්‍ය..තනිකරම අයියගෙ කොපිය ම්හුක් මගෙ කියලා කියන්න පුලුවන් දේකට තීන්නෙ ඉස්සරහා තියෙන හා දත් දෙකයි,දුඹුරු ඇස් දෙකයි විතරයි.. හරිම අසාදාරනයි සාන්ත!!

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now