10 කොටස

618 109 3
                                    

"දෙයියනෙ පුතා"

හත්තික්කෙ මේ මොකද අපෙ අම්මා උදෙ පාන්දර කෑගහන්නෙ? අයියා ඊයෙ රැ නිදිකෙරෙව්වට පස්සෙ මං ඇහැරුනෙ 10 ත් පහු වෙලා..අද ඉතින් ගෙදර හැමෝටම නිවාඩු නිසා ආතල්..මං සෝෆා එකෙ හොදට දිගා වෙලා කාටුන් එකක් බල බල ඉන්නකොට තමා ලෑන්ඩ් ලයින් එකට කෝල් එක ආවේ..මාත් ඉතින් කාටුන් එක පැත්තක දාලා අම්මා හිටිය තැනට දුවද්දි අයියත් කුස්සියෙ ඉදං එතනට ආවා..අපි යනකොටත් අම්මාගෙ ඇස් වලින් කදුලු බින්දු දෙකක් ගලාගෙන ගිහින් තිබ්බා

"ඇයි අම්මා? මොකක්ද උනෙ?"

"ලොකු අම්මලා ඇක්සිඩන්ට් වෙලාලු පුතේ..මලිති නම් එතනමයිලු,ලොකු අම්මාව නම් අයිසීයු දාලාලු ඒත් එයාගෙ ජිවිතෙ ගැනත් ශුවර් කරන්න බෑල්ලු "

"ඈහ්?කොහොමද ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ"

"මොකක්ද ලෝය කෙනෙක්ව හම්බෙන්න යනවා කියලා දෙන්නත් එක්ක උදෙ පාන්දරම ගිහින්.ඒ හම්බෙලා එන අතරමගදි ට්‍රක් එකකට හැප්පිලා..ඒ ට්‍රක් එක එලවපු මනුස්සයා නම් පැනලා ගිහින්ලු ..අපිත් ගිහින් බලමු නේද පුතෙ මොනා උනත් ලොකු අම්මනෙ"

"අපි දෙන්නා යනවා නම් එකදවසෙන් ගිහිම් එමු ඒත් මෙයාව එක්කං යන්න බැ..මලිත් දැං පිස්සු බල්ලෙක් වගෙ ඇත්තෙ.. මල්ලිව දැක්කොත් ඌ මෙයාගෙ ඇගටත් කඩා පනී...ඌට කොහොමත් මල්ලිත් එක්ක ඇරියස් තියෙනවානෙ"

මටත් කොහොමත් එගොල්ලොන්ගෙ පස්සෙ එල්ලිලා යන්න ඕන වෙලා තිබ්බෙ නැ...ලොකු අම්මා කොච්චර වෙනස්කම් කරත් එයා ඇක්සිඩන්ට් උනා කියලා ඇහිච්ච වෙලාවෙ නම් මට පව් කියලා හිතුනා ඒත් අහක යන කුනුගොඩවල් මොකටද මගෙ ඇග අස්සෙ දාගන්නෙ? ඔය මලිතයට තරහා ගියාම ඌ ඌගෙ තරහා පිටකරන්නෙම මගෙ පිටින් ඇයි යකො මං ස්ට්‍රෙස් බෝල් එකක් කියලා හිතුවද දන්නැ ඌ?ඒ නිසා ඔක්කොටම වඩා හොදයි ගෙදරම ඉදියාම

කෝමහරි අයියයි,අම්මයි දෙන්නම  ගියේ මට උපදෙස් තොගයකුත් දීලා බිනුරලගෙ ගෙදරටත් කියලා..ඒත් සෙනසුරාදා ඌට මීඩියා ක්ලාස් නිසා මං ඌ එනකන් පට්ට කම්මැලිකමෙ හිටියේ  !..මගෙ හිත මේ අතරෙ තව කෙනෙක්ව බලාපොරොත්තු උනා..ඔව් මං හිතුව විනාඩි පහකටවත් මාව බලලා යන්න හරි ඒවි කියලා ඒත් දවල්  වෙනකොටවත් එයා ආවෙ නැ..මට ඒක නිසා පට්ටෙට දුක හිතුනා.තමුසෙට පිස්සුද සිනෙත් ඇත්තට? මෙ කොහෙවත් යන මාස්ක් මිනිහෙක් නිසා දුක්වෙන්න?ඒත් එයාව මං දන්නවා කියලා හිතෙනවනෙ..

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now