7 කොටස

626 109 3
                                    

හැබැයි ආව කෙනා දැක්කාම මගෙ මූන ඇඹුල් වෙලා ගියේ ඒ ඇවිත් හිටියෙ අමේලි නිසා..ඊව් මෙ ගැනි!!ශිට් දොරවත් වහගෙන හිටියා නම් ගෙදර කවුරුත් නැ වගේ හැසිරෙන්න තිබ්බා..මගුල මටත් අර මොකෙද එකෙ අමාරුවනෙ දොරවල් හායි කටට ඇරගෙන ගෙවල් වලට වෙලා ඉන්න!

ගමකට කන්න වගේ බඩුත් උස්සං අමේලි මගෙ දිහාට එනකොට මං දොර ඉස්සරහින් හිටගත්තෙ මේකිව ගේ අස්සෙ දාගත්තොත් එලියට දානවා කියන එක මං හොදහැටිම දන්න නිසා..

අමේලිට හිත යටින් බැනපු මං එහෙන්මම බැලුවෙ අපෙ ගෙදරට  එහා පැත්තෙ තිබ්බ බිනුරලගෙ ගෙදර..ඌවත් ගෙදර හිටියා නම්..!ඒගොල්ලොන්ගෙ පවුලෙ කට්ටියම දළදා මාළිගාවට ගියෙ බිනුරගෙ නංගිට බාරයක් වෙන්න..මටත් අඩගැහුවත් මං ගෙදර නැව්තුනෙ ටර්ම් ටෙස්ට් එකත් ලග නිසා පාඩම් කරන්න ඔනෙ හින්දා.. ඒත් දැන් නම් තේරෙනවා ගෙදර ඉදලා කරගත්තු ගොංකම! 

"සිනේඒඒඒඒත්" අමේලි දුවගෙන ඇවිත් බඩුත් එක්කම මාව බදාගත්තෙ මගෙ ඇඹුල් වෙච්ච මූන තවත් ඇඹුල් වෙනකොට..මං ශේප් එකෙ අමේලිව එහාට තල්ලු කරන්කොට මං දැක්කෙ අමේලිගෙ හැඩහුරුකමම තිබ්බ උස කොල්ලෙක් මගේ දිහා කෑදර ඇස් වලින් බලන් ඉන්නවා..නංගි වගේම නැතැයි..ඇගෙ එල්ලෙන්නමයි බලන්නෙ

"මට වෛරස් උණක් තියේ අමේලි..එනිසා ඈත් වෙලා ඉන්න නැත්තං ඔයාටත් බෝවෙයි.."

"අනේහ්හ් ඔයා හරිම කෙයාරින් සිනේත්...දැට්ස් වයි අයි ලව් යූ ද මෝස්ට්!!! ඉතින් ඔයා අපිට ගේ ඇතුළට එන්නෙ නැද්ද?ආහ්හ් මේ ඉන්නෙ මගෙ අයියා අමේල් නදීර..අයියා මේ ඉන්නෙ සිනෙත්.. මං අර කිව්වෙ "

"ඔයා නංගි කිව්වටත් වඩා ලස්සනයිනෙ..වාව් සෝ ප්‍රිටි ලයික් අ ගර්ල්"අමේලිගෙ අයියා තොලත් හපාගෙන එහෙම කිව්වෙ මගෙ යකා අවුස්සන ගමන්..කෙල්ලෙක් වගෙ මේ හැන්ඩියා වගෙ ඉන්න මං??හුහ් හීනෙන් තමා

"මං කෙල්ලෙක් වගෙ නැ හරිද? අනික ගෙදෙට්ට ගන්න බැ අපෙ ගෙදර ඔක්කොටම සනීප නැ...අම්මා කියලමයි ගියේ කාවවත් ගෙදෙට්ට ගන්න එපා කියලා" මං කිව්වෙ ගස්සලා අහක බලාගෙන

"ඔයාව දැක්කාම මට කෙනෙක්ව මතක් වෙනවා.." ඌ කිව්වෙ කටකොනින් මහ අමුතු හිනාවකුත් දාලා

සිවේද් - Yizhan Nonfic [Completed✅] Donde viven las historias. Descúbrelo ahora