9 කොටස

601 107 2
                                    

සොනාල් pov 

මල්ලි ගෙදර තනියෙන් නිසා ලමයින්ගෙ ආෆ්ට ස්කූල් එකත් පුලුවන් තරං ඉක්මන්ට ඉවර කරලා බස් ස්ටැන්ඩ් එකට යන්න යද්දි තමා හිරුමිත අයියගෙ කා එක මගෙ ඉස්සරහින් නැවතුනේ...වෙනකෙනෙක් ලිෆ්ට් එකක් දෙන්න කතාකරා නම් මං ඒකට තැන්ක් කරලා බස් එකේම යන්න ඉඩතිබ්බත් හිරුමිත අයියා කතාකරනකොට මට නොයා ඉන්න හිතුන්නැ..මොකද එයාව දැක්ක පලවෙනි පාරමයි කාගාවවත් ගැස්සිච්ච නැති මගෙ හිත ගැස්සුනෙ! ඒ ගැස්සිල්ල එයා මල්ලිව බලන්න අපෙ ගෙදරටම ආපු දවසෙ තවත් වැඩි උනා මිසක් අඩු උනේ නම් නැ ...මං මෝඩ ඇති ඒත් ඉතින් හිත ගිය තැන මාළිගාව කියනවනෙ හෙහ්

"ආෆ්ට ස්කූල් තිබ්බද?"

"ම්ම්.. ඔයා කොහෙද මෙහෙ?"

"නිකන් ආවෙ..ඔයා ගෙදරනෙ යන්නෙ?"

"ආහ්..ඔ-ව් ඔව්.." ශිට් මේ මනුස්සයා මගෙ දිහා බලනකොටත් මට මොකක්දෝ වෙනවා!!මල්සරා නම් මට හොදම එකෙන් විදලද කොහෙද

"ඔයා රතුත් වෙලා සොනාල් මල්ලි! මහන්සි වැඩිද?මොනාහරි බීලම යමුද?" වෙන දවසක ඔහොම ඇහුවා නම් මං එකපයින් කැමති වෙන්නෙ ඒත් අද මල්ලා ගැන බලන්න ඔනෙ වෙන මොනවටවත් වඩා..මට බැ ආයිත් මගෙ පොඩි එකාව නැති කරගන්න

"බැ අයියේ..ඉක්මන්ට ගෙදර යන්න ඔනෙ..මල්ලි තනියෙන්"

"ආහ්හ්හ් සිනෙත් ඉස්කොලෙ ඇරිලා තනියෙන්ද හැමදාම ඉන්නෙ?"

"වෙන දවස් වල නම් එයා ස්කූල් ඇරිලා මා එක්කමයි යන්නෙ..ඒත් සිකුරාදා මටයි අම්මටයි  දෙන්නටම ආෆ්ට ස්කූල් නිසා එයාගෙ හොදම යාලුවගෙ ගෙදර යනවා..අද බිනුර මල්ලිලා නැ ඉතින් ඉක්මන්ට ගෙදර යන්න ඔනෙ.."

"ආහ්හ්..අයි සී.."

"සොනාල්..සොනාල්..මල්ලි..."
මොකාද.. මොකාද මගෙ නින්ද කඩන්න යන පාහරයා??මට නිදිමතේම මගෙ මූනෙ ගැවෙන දේත් එක්ක ආවෙ පට්ට තරහක් ඉතින් මං අර මගෙ මූනෙ ගෑවිච්ච දේට හයියෙන් ගැහුවා

"ආව්ව්ව්!!සොනාල් නැගිටපම් ගෙදරට ඇවිත් ඉන්නෙ-"කවුද මංදා එහෙම කියනකොට තමා මගෙ නිදිමත මාව දලා ගියේ.. හම්මට මං හිරුමිත අයියගෙ කාර් එකෙ නේද යකු හිටියෙ? මට කෝමද නින්ද ගියේ?ආයිත් මං ගැහුවෙ හිරුමිත අයියගෙ අතට නේද කියලා මතක් උනාම මට ඕනි උනේ මෙතනින් පැනලා දුවන්න

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now