14 කොටස

599 106 4
                                    

"ඇයි මතක නැද්ද? ඉස්සර අම්මෙ හුම්මෙ ගගා මගෙ පස්සෙන්ම ආවෙ...කෝම උනත් සිනෙත් උඹගෙ පණ හයියයි..හරියට උඹෙ අප්පාගෙ වගේම..."

අපේ තාත්තව දන්නවද මේ ගෑනි? ඒත්...

"නංගි දැං පරන කුනුගොඩවල් අවුස්සලා වැඩක් නැ..කරන්න ආපු වැඩෙ කරලා ඉක්මන්ට යමු.." අර මනුස්සයා කිව්වෙ කලබල කාරි කටහඩකින්

"අයියෝ අයියා කාම් ඩව්න්..අපෙ සුපිරි වීරයා තාම වැඩේට එන්ට' උනෙත් නැනෙ එයා එනකන් පොඩි ෆන් එකක් ගමු.." එයා එහෙම කියනකොට නම් ශේන් අයියගෙ ඇස් දෙක ගැස්සිලා ගියා..

"ඉතින් සහන්ගෙ පණවල් දෙක..අහන්නැද්ද මං කෝමද ඕගොල්ලොන්ගෙ තාත්තව අදුරන්නෙ කියලා?"

"ඔයා ඉතින් අපෙ අම්මගෙයි,තාත්තගෙයි හොද යාලුවෙක් වෙලා ඉදියානෙ! ඒත් දැන් නම් මට හිතෙනව ඒගොල්ලොන්ගෙ කරුමෙට තමා තමුසෙ වගෙ බලු ගැනියෙක් ඒ දෙන්නගෙ යාලුවෙක් වෙලා හිටියෙ කියලා" අයිය එහෙම කිව්වෙ කදුලු අතරින් උනත් දත්මිටි කකා..

"හහ් හහ් හා..ඕකම තමා සහන් මැරෙන්න කලිනුත් කිව්වෙ හහ් හහ් හා   දැන් තමුසෙලා දෙන්න මැරෙන්න යනකොටත් ඒකම කියනවා හහ් හහ් හා" හිනාවෙවී එහෙම කියපු ඒ ගැනි එකපාරටම හිනාවෙන එක නවත්තලා අයියගෙ කම්මුලට ගැහුවා...මෙ ගැනි නම් හැසිරෙන්නෙ තනිකර පිස්සියෙක් වගේ

"මගෙ අයියට ගහන්න තොට කොහෙන් ආපු හයියක්ද ගෑනියෙ?"

"හයිය????හයිය මං පෙන්නන්නං උඹට" කියලා කියපු ඒ පිස්සු ගෑනි කොහෙද මංදා අස්සක තිබ්බ මලකඩ කාපු යකඩ පොල්ලක් ගත්තා..ඒ යකඩ පොල්ල දැක්ක ගමන් මගෙ ඔලුවට ගෙනයක් ගැහුවා වගේ උනා කොටින්ම ඒක අරං ඒ ගැනි මා දිහාවට එන අඩියක් අඩියක් පාසා මට තේරුනා මගෙ නලළෙ නහරවල් ඉලිප්පෙනවා කියලා..මගේ ඇග දිගේ ලේ පම්ප් වෙන වේගෙත් වැඩි වෙලා හාට්බීට් එක අසුහාරදාකට නැගලා වගෙ ගැහෙන්න ගත්තා..කොටින්ම මං හිතුවෙ පපුව පැලිලා මං මැරේවි කියලා...

"සු-සුදු ම-මල්ලි?"

ඔලුවෙන් ආපු වේදනාව එන්න එන්නම වැඩි වෙනකොට මට ටිකෙන් ටික පරන සිද්දි ඔක්කොම මතක් වෙන්න ගත්තා...වීශ්ව,කුවිනෙත් අයියව,නිමාන් තාත්තව...මගෙ සුදු අයියව! අනෙ මට සුදු අයියා ගාවට යන්න ඔනෙනෙ..ඒත් මං හිතන්නෙ මෙ මිනිත්තු ගානට මගෙ මොලෙ වෙහෙස උනා හොදටම වැඩිද කොහෙද.. මොකද විනාඩි ගානක් යන්නත් කලින් මගෙ ඇස් දෙක බොදවෙලා ගිහින් ඇගම පණ නැතුව ගියා..කොහොම උනත්  මගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනෙ සිහිය නැතිවෙන්න ඔන්න මෙන්න තියලා ඇහිච්ච හුරුපුරුදු කටහඩට..

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now