11 කොටස

605 104 3
                                    

ත්‍රීවීල් එකකම යනවා කියලා හිතාගෙන පාරට ආවත් මං දැක්කෙ ඉස්කෝලෙ ගාව හිටං හිටපු බිනුරවයි,අවීශවයි,චේනුවයි..මොකක්ද මුන් මෙතන මේ වෙලාවෙ කරන්නෙ? මමත් ඉතින් ඉක්මන් ගමනින් උන් හිටිය දිහාවට ඇවිදන් ගියා

"මොකක්ද උඹලා මෙතන කරන්නෙ?"මං එහෙම ඇහුවාම අනිත් දෙන්නා හිනා උනත් චේනු බුම්මගෙනම හිටියා..මූට මොකක්ද ඒගමන වෙලා තියෙන්නෙ?

" හම්මට බොක්ක උඹ එනකන් තමා හිටියේ...මෙන්න මූ අපි හැමොටම එන්න කියලා අඩගහල තිබ්බා" බිනුර කිව්වෙ චේනු දිහාට අත දික්කරන ගමන්

"මොකක්ද කේස් එක බන්?"

"කැෆේ එකට යමුකො ඉස්සෙල්ලාම..ඊටපස්සෙ මං කියන්නං"කියපු චේනු ඉස්කොලේන් පොඩි දුරක තිබ්බ කැෆෙ එක අස්සට රිංගුවා..අපිත් ඉතින් උගෙ පස්සෙන්ම ඒකට රිංගුවෙ මූ මොකද මෙ කුලප්පු වෙච්ච හරක් පැටියා වගෙ නටන්නෙ කියලා හිත හිත..ඒත් වේටර් ඇවිත් ඩ්‍රින්ක්ස් ටික දුන්නාමවත් නෙවෙ මේ යකා කටක් හෙල්ලුවෙ..අපිත් ඉතින් සද්ද කරන්නෙ නැතුව හිටියේ චේනු කොල්ලා මෙ කියන්න යන්නෙ ලොකු දෙයක් කියලා දන්න නිසාමයි..
ඒත් අපිව ශොක් උනේ මේ යකා එකපාට්ටම අඩන්න ගත්තාම..

"හු#තො මෙ මොකද මේ අඩන්නෙ?"
"මොකක්ද කොල්ලො උනෙ?"
"චේනු ඇයි මේ?" 

ඒත් අපිට උත්තරයක් දෙනවා වෙනුවට චේනු කරෙ මගෙ ඇගට තුරුල් වෙච්ච එක..ඊව් යකො මගෙ ගාව දාඩිය!

"ඇයි කොල්ලො මේ?මොකක්ද උනෙ?ගෙදර කේස්ද? අයියා බැන්නද? ආ බන්?"

"ඔ-ය්-යා කිව්ව එක හරි ගි-ගිහින්ද කොහෙ-ද ඉහික් සිනා..අනෙහ් එහෙම වෙන්න විදිහක් නැනෙ බන්.."

"ඇහ්? මං කිව්ව එක?මං මොකක්ද බන්ග් කිව්වෙ?"

"මං කැමති කොල්ලොන්ටද කොහෙද බන්!" ඌ ඒක කියලා දැම්මෙ හෙනම අමාරුවෙන්.ඒ කියලා අපි දිහා බැලුවෙ හරියට ඌව දැං අපි අප්පිරිය කරයි කියලා..මුගෙ මේ මූන දැක්කාම අම්මපා සෝස් පයින්න දෙන්න හිතෙන්නෙ..

"උඹලට අප්පිරියද බන් මාව? මං.."

"දැං අපි මෙතන වමනෙ දැම්මද ප#යො? ඈ? අනික තෝ හිතුවද අපි තාම ගල් යුගෙ ඉන්නෙ කියලා හොමොෆොබික් වෙන්න?.අම්මපා චේනු මට තොගෙ හොම්බට හැටක් දෙතෑකි..."බිනුරයත් දේවාලෙ ආවෙස වෙච්ච කපුවා වගෙ කියාගෙන කියාගෙන ගියේ මට කියන්න ඔනෙ වෙච්ච ටිකමයි..අනෙ හොදයි

සිවේද් - Yizhan Nonfic [Completed✅] Where stories live. Discover now