03

2.6K 375 121
                                    

Pov Changed (3 Pov to 1 Pov)

අකේන් සර් අකේන් සර් ගගා පන්තියෙ හිටපු උන් ටික කැගහද්දි මමත් බැලුවෙ අපේ අඩවියට බැස්ස අලුත් ගුරා කවුද කියල.කොහොමත් ගුරාව බලාගෙන දැන අදුනගෙන පස්සේ වෙනම ටෝක් කැල්ලක් දෙන්න ඕනෙ.මෙතන ඇවිත් වාතයක් නොවී හිටියොත් හොදයි.කලින් හිටපු මංගලික මිස් ඉන්නකන්ම කරේ ලමයින්ගෙ වැරැදි අඩුපාඩු හොයපු එකමයි.මිස්ට අපි හිටගත්තත් වැරැදි,ඉදගත්තත් වැරැදි ,කතා කරත් වැරැදි,කතා නොකරත් වැරැදි.මිස් ඇහැලේපොලද කැප්පෙටිපොලගෙද මන්ද පරම්පරාවෙ කියල අපේ පන්තිවල හිටපු මම චිරායු වගේ පහත් කුලවල කියන එවුන් දිහා වපර ඇහෙන්මයි බැලුවෙ.මම නම් මොකක් හරි කියමුකෝ.දැන් ඔය චිරායුවගෙ අම්ම ලාලනී ඇන්ටි ඩොක්ටර් කෙනෙක් කෙනෙක්,සාලිය අන්කල් වරායෙ වැඩ කරන්නෙ.දැන් ඔය කට්ටිය පහත් කුලේ කියල මොනාද අඩු? මිස්ලටත් වඩා හොද පඩි ගන්නව.මිස් ඉතින් අර උඩරට සාරියක් ඇදන් ඇවිත් වංසේ කබල් ගාල යනවා.මට හිතාගන්න බැරි මේ කොමස් ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් එකක් උගන්නන ගුරුවරයෙක් ඇයි මේ වගේ පටු විදිහට හිතන්නේ.

අලුතින් ඇවිත් හිටපු සර් කාරයගෙ මූන පෙනුනෙ නැතත් හොද සද්දෙ කටක් තියෙනව වගේ.අපි නම් ඕවට බයවෙයි.ම්ම් වැඩිය වයසක නැති පෙනුමක් තමයි පිටිපස්සෙන් පෙනුනේ.දැන් මේ මනුස්සයගෙ රූපෙන් නම් මට කොහොමත් වැඩැක් නැ.මට වාතයක් නොවී පාඩුවේ ඉන්න හම්බුනොත් ඇති.මට ඉස්කෝලෙ නම් එපා වෙල තියෙන්නෙ.ගුරුවරුන්ට කොහොමත් මාව පේන්න බැ,එහෙමයි කියල මම ගනන් ගන්නවද.කොහෙත්ම නැ.එයාලට පෙන්න බැ කියල මම මැරෙන්නද.

මම ශේප් එකෙ ප්‍රින්සිපල් සර් ගාවින් හිටන් හිටිය.මොනා නැතත් දෙකක් නෙලුවට සර් හොදයි.ඉස්කොලෙ ඉන්න ගොඩක් ගුරුවරු වගේ නෙමෙයි සර් සාදරණ විදිහට වැඩ.නැත්තන් ඉතින් මාව අහුකරන මම නොකරපු සමහර වැරදි නිසාම මාව මේ වෙනකොට ඉස්කෝලෙන් අස් කරලා.ඒ නිසා මම සර්ට කොහොමත් ගරු කරනව.අසාදරන විදිහට ලමයි කපන ගුරුවරුන්ට කොහොමත් මාව ඇලජික් තමා,එතකොට ඉතින් එයාලගෙ ඇස් ඉස්සරහ මම නසරානියෙක් තමා.මට බොරුව පෙන්න බැ.

ප්‍රින්සිපල් සර් ඇවිත් හිටිය දැක්කට පස්සෙ පන්තියෙ මුට්ටි බාන සෙට් එක සර්ගෙ නම කැගහල කියද්දි මමත් ඒ පැත්ත බලන් හිටියෙ මේ අලුත් යකා කවුද කියල බලාගන්න .හිටපු කෙනා හැරුන ගමන් ප්‍රින්සිපල් සර්ටත් කලින් බැලුවෙ මන් දිහ .

නසරාණියාWhere stories live. Discover now