29

3K 386 364
                                    

උනවටුන ට්‍රිප් එකෙන් පස්සේ ගෙවුනු මේ ඉස්කොලේ සතියෙම ප්‍රයිමරි ස්පෝර්ට්ස් මීට් වලට හිරවෙද්දි ප්‍රැක්ටිස් සෙශන්ස් ඉවර වීගෙන එනවා.මේ සතියේ අග ඉදන් ශෙඩියුල් කරල තියෙන විදිහට පොඩි පැත්තේ මැචස් පටන් ගන්නවා.ටීම් එකක් විදිහට ප්ලේ කරන ක්‍රිකට්, බාස්කට්බෝල් වගේ ස්පෝර්ට්ස් නැතිවුනත් කරාතේ ටේබල් ටෙනිස්, ස්විමින්ග් ,චෙස් වගේ individually ප්ලේ කරන ගොඩක් ස්පෝ‍ර්ට්ස් තියෙනවා.

ඒ හින්දා ප්‍රරියමරි ස්පෝර්ට් මීට් එක පොඩියි කියලා කොහොමත් තකන්න බැ.මේකේ ෆයිනල්ස් ලකුනුත් එකතු කරනවා ලොකු අයගේ ස්පෝර්ට්ස් මීට් එකට.ඒ නිසා ඒ හවුස්වල ලොකු ලමයි දාගෙන පොඩි එවුන්ව ප්‍රැක්ටිස් කරවනවා.ඒ අස්සෙන් ඩ්‍රිල් එකත් වටින් කොනින් බලන්න වෙලා.මේ සතියේ ඉදලා දවසට පැයක් ස්කූල් ටයිම් එකෙන් ඩ්‍රිල් එක ප්‍රැක්ටිස් කරන්න දෙනවා.කරාතේ ටයිකොන්ඩෝ ඩ්‍රිල් සෙශන් එකක් තමයි ප්ලැන් කරලා තියෙන්නේ.ඒක භාරව කරන්නේ කරාතේ ක්ලබ් එකේම ඉන්න අපේ වයසේ කොල්ලෙකුයි තව මල්ලියෙකුයි.ලබන සතියේ වෙනකොට මෙයාලගේ ස්කොර්ඩ් ප්‍රැක්ටිස් පටන් ගන්නත් ඕනේ.

ඒත් එක්කම ලොකු අයගේ මැචස් එකරොත්තට ශෙඩියුල් කරලා තියෙනවා.ඒ ඔක්කොම බලන්න ඉන්නත් එපැයි.මේ සතියෙත් ක්ලාස් කට් කරන් මට ඉස්කෝලේ වැඩකට එලියට යන්න වුනා.ස්පෝර්ට්ස් මීට් එකේ වැඩ වගේකට ඕන ස්පෝර්ට්ස් බඩු වගයක් ගේන්න.කොහොමත් ඉස්සරහ සතිවල නම් ක්ලාස් යන්නම වෙන්නේ නැ.අපේ සෙට් එකෙන් කලට වෙලාවට මේ දවස්වල ක්ලාස් යනවනම් යන්නේ කවිත්මයා විතරයි.අනිත් ඔක්කොම ඩියුට් වලට හිරාවෙලා.නෙලීශයා එක්ක නම් කතාකරන්නවත් වෙලාවක් සෙට් වුනේ නැ.කතාකලත් මේ ස්පෝර්ට්ස් මීට් මගුලක් ගැන.

අපි සෙට් එකම ප්‍රිෆෙක්ට් බෝඩ් ඉන්න නිසා වැඩ ගොඩ ගැහිලා.ක්ලාස් එකට ගිය දවසක් මතක නැ.මොනා නැතත් ඉතින් හිකනැල් පැටියා ගෙදරට වැඩ එවනවා.මොන දීපන්කරේ ගියත් ඌට වැඩකරලා පෙන්නුවේ නැත්තන් ඔලුව කනවා.මම මේ ඉවසන් ඉන්නේ අර උනවටුනේ එක්කන් ගිය නිසා.මේකයි ඉතින් ඔය පොඩ්ඩක් කැගැහුවට පොර හෙන හොදයි.වාත වෙවී හරි මම කැවද බීවද ,බෙහෙත් බීවද, පන්තිය යනවද ,වැඩ කරනවද කියලා බලනවා.

නසරාණියාWhere stories live. Discover now