34

2.9K 365 309
                                    

"ලමයි සිකුරාදා එනකොට හැමෝම මට මේ වාරෙට අදාලව සංවිධාන ව්‍යුහයෙන් මම කරන් එන්න කියල දීපූ ඇගයීම ඇරන් එන්න.අමතක වුනා,කරන්න බැරි වුනා ගාගෙන එන්න එපා.මම සතියක් දුන්නනේ.ඒ හින්ද හැමෝම සිකුරාදා එද්දි ඒක ඇරන් එන්න."

"අනික දැන් ස්පෝර්ට්ස් මීට් කියල මාස එකහමාරක් මේ පන්තියෙන් භාගෙට භාගයක් හිටියේ නැ.ඊලගට බිග්මැච් එක කියලත් කට්ටි පැන පැන ඉන්නවා.මතක තියාගන්න ඔය ඔක්කොම කරලා ඉවර වුනාට පස්සේ වාර විභාගේ ,ඒලෙවල් විභාගේ තියෙනවා කියලා.වාර විභාගේ ලකුනු අඩු වුනොත් ලැස්ති වෙලා ඉන්න උදෙයි හවසයි සාධන මට්ටම් වැඩි දියුණු කරන ක්ලාස්වලට ඉන්න.හැමෝම ඒ නිසා පාඩම් කරගෙන යන්න.තේරුනානේ?"

"ෆෝවර්ඩ්,බැක්වර්ඩ්,අප්වර්ඩ්,රිවිශන් ක්ලාස් කියල හැට හුට හමාරක් ක්ලාස් යන අය හම්බුනොත් කියන්න එයාලට ඉස්කෝලේ කියල දේකුත් තියෙනවා කියලා මතක තියාගන්න කියලා.මොකද ඔය කොහේ ගියත් එක්සැම් එක ගන්න අනිවාර්යයෙන්ම ඉස්කෝලෙට එන්න ඕනේ කියන එක හැමෝම දන්නවනේ.සීයට අසූව නැතුව කිසි කෙනෙක්ට එක්සැම් වාඩි වෙන්න දෙන්නේ නැ.ඒකත් මතක තියාගන්න.හරි දැන් හැමෝම ඉන්ටර්වල් එක ගන්න.රශ්වාන් ඉන්ටර්වල් එකෙන් පස්සේ මොනාද තියෙන්නේ?"

"අක්වුන්ටින් ,මිස්."

"ආහ් අද මිස් නැද්ද කොහෙද?එහෙම වුනොත් කැගහගහ ඉන්නේ නැතිව පොතක් බලාගන්න.රශ්වාන් ක්ලාස් එක බලාගන්න.හරි ලමයි හැමෝම නැගිටින්න.ආයුබොවන්"

"ආයුබෝවන් මිස්"

බිස්නස් මිස් ඉන්ටර්වල් එකෙනුත් විනාඩි දහයක් ඇරගෙන පත හැල්ලක් කියවල ගියාට පස්සේ මම අතපය දිග ඇරලා හිරි ඇර ගත්තේ පුටුවේ කකුල් දෙකෙන් පැද්දි පැද්දි ඉන්න ගමන්.බිස්නස් මිස් පහුගිය දවස්වල මගේ මනුස්සයට පැනි හලනවා කියලා වටින් කොනින් ආරංචි වෙලා තියෙද්දි මම මුලින් ඒ ගැන ලොකුවට තකන්න ගියේ නැ.

නැ ඉතින් සර්ත් තරුනයි මිසුත් තරුනයි,දෙන්නම බැදලත් නැ,ඒ හින්දා දෙන්න මැචින්.එහෙමනේ කට්ටිය කියන්නේ.ඒක ලොකුවට ගනන් නොගෙන හිටියත් දවසක් බිස්නස් මිස්ම මට එන්න කියලා මගේන් ඇහුවේ නැතැ හේශ් අකේන් සර් එක්ක හෙන ක්ලෝස්නේ?අකේන් සර්ත් හේශ් එක්ක එකතුයිනේ ?සර්ට ගැනු ලමයෙක් ඉන්නවද කියලා.නැත්තන් උදව්වක් විදිහට මිස්ට සර්ත් එක්ක යාලු වෙන්න උදව් කරන්න පුලුවන්ද කියලා.

නසරාණියාWhere stories live. Discover now