49

1.5K 166 119
                                    

"ඔක්කොම බඩු දාගත්ත නේද?"

"ඕ දාගත්තා."

"පිරිකර එක ?."

"බැක් සීට් එකෙන් තිබ්බා අම්මේ."

"ම්ම් එහෙනම් දැන් හරිනේ.එහෙනම් දෙයියෝ බුදුන් සිහි කරගෙන මයේ කොල්ලො දෙන්න පරිස්සමට ගිහින් එන්න ඕනේ.චූටි මහත්තයා අයියට කරදර කරනවා එහෙම නෙමෙයි.අකේන් පුතා නිසායි මම යවන්නේ.නැත්තන් මම දන්නවනේ සමහරුන්ගේ ගමන් බිමන් වල හැටි.කදු නගින්න යනව කියපු අය රේස් ට්‍රැක් වලින් මතු වෙන අබුද්දස්ස කාලනේ මේ."

"අනේ අම්මේ.ඔය මගුල හැම තිස්සෙ...."

"ලොකු පුතා මේක නාහෙට නාහන ගොන් තක තීරු වැඩක් කරොත් දෙන්න අහුවෙන එකෙන් පස්සට දෙකක්.ඕකගේ මොලේ තියෙන්නේ එතනෙනේ.එතකොටවත් ඔය කලටි මොලේ හෙලවිලා යයිනේ."

"බුදු සරනයි අම්මේ.පරීස්සමට ඉන්න ඇ.දොර වහල නිදාගන්න.දොර ඇරගෙන තනියම කියෝ කියෝ ඉන්න එපා.අහල පහල ගෙවල්වල අයත් නිදාගන්න ඕනනේ"

"චූටි මහත්තයා."

අපෙ අම්ම මගේ පෙර අතපසු වීම් චීත්ත බේසම් ගනන් ගලේ ගහලා හෝදනකොට මම කතාවට බාදා කරන ගමන් ශේප් එකේ කාර් එක ඇතුලට නැගගත්තෙ අම්මට වැදල ඒ කම්මුල් දෙකම රත්වෙල යන්න හාද්දකුත් දෙන ගමන්.මම සයිඩ් මිරර් එකෙන් දැක්කා අයියත් අම්මට වැදලා ඔලුව අත ගාල වාහනේ ගාවට එනවා.සර් අම්මට වඩා ගොඩක් උස නිසා අම්ම සර් ගාවදි හරී චූටියට පෙන්නේ.අම්මගේ ඇස් ආදරෙන් සර් දිහා බලන් ඉද්දි මම ඒ දෙන්න දිහා බලන් හිටියා.මන් දන්නෙ නැ මගෙ අනාගතේ කොහොම ලියවිලාද කිඅලා.ඇත්ත දැනගත්ත දවසටත් අපෙ අම්මා මෙහෙම අයියත් එකක් ඉදීවිද?අවිනිශ්ශිත අනාගතයක් මගේ හිතේ හැමතිස්සෙම හොල්මන් කරා.මොනා වුනත් සමාජ සම්මතය කියන දේ ඉස්සරහ මගේ ආදරේ අසම්මතයක්.මට තාමත් ඉන්දියන් සාගරයේ තියෙන මේ ලබ්බ ඇටේ ඉන්න මිනිස්සුන්ගේ දහවන ශතවර්ශෙ සිතුවිලි තේරෙන්නෙ නැ..ඇයි මෙච්චර අසම්මතයට විරුද්ද?

"කේතුර්,බේල්ට් එක දාගන්න."

නිකමට හිතන්න ආදම් ඊවාට ආදරේ නොකර ඒබ්‍රහම් කෙනෙක්ට නැත්තන් අයින්ස්ටයින් කෙනෙක්ට එහෙමත් නැත්තන් එඩිසන් කෙනෙක්ට ලව් කරානම්? ඊවා ලිලී කෙනෙක්ට ලව් කරා නම් අද සමහරවිට ඉතිහාසේ වෙනස්වෙන්න තිබා.එහෙම වුනානම් මේ හේශ් බෝයිපෙන් වත් උස්සන් රගනවා රැගිල්ලක් ඔය සම්මතේ ගාන ඇන්ටිලා අන්කල්ලට නැට්ට පුකේ ගහ ගන්න.දන්නෙ නැ මාත් ම හිටියට නාට්‍ය දෙකක රගපාපු විත්තිය.එව්වත් මේ සුපිරි චරිතනේ.මට අවස්තාවක් ලැබුනොත් ඔය ලොකේ මවපු මහා බමයා හම්බෙන්න යනවා.ගිහිලා මට ඕන විදිහට ලොකේ මවන්න කියනවා.කොහොමහ් බැ කියන එක නම් උත්තරයක් විදිහට ගන්නෙ නැ.

නසරාණියාWhere stories live. Discover now