08

2.2K 340 56
                                    

රෑ ශවර් එක යට කොච්චර වෙලා හිටියද කියලවත් මට මතකයක් නැ. පැය ගානකට පස්සේ ශවර් එක යටතේ මගේ මුලු ඇඟම වතුරෙන් පෙගිල ගියාට පස්සේ ටවල් එකක්වත් නැතුව මම කාමරයට රිංග ගත්තේ කොයිවෙලාවක හරි මහා පාන්දර අම්මා බාතෲම් එකට ආවොත් අහුවෙයි කියල තියෙන බයටයි. මහ පාන්දර නාපු හින්දයි ඇඩුව හින්දයි එක්ක මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනකොට මම පෙන්ඩෝල් දෙකක් එක්ක සිට්‍රසින් එකක් ගහලා දාලා ඊට පස්සේ ශෝටකට බාච්චු ටී ශර්ට් එකකුත් දාගෙන ඇඳට පැනගෙන නිදා ගත්තා. හොඳට නාල හිටපු නිසාද මන්දා මට ටික වෙලාවක් යනකොට නින්ද ගියා.

වෙනදා විදිහටම අම්මට උයන්න උදව් කරල මම අම්මට වැදල කරලා කොහොමින් කොහොම හරි මම ඉස්කෝලෙට ආවා .ඉස්කෝලේ නෑවිත් ඉන්න කියල හිතට කොච්චර කිව්වත් මේ දවස් ටිකේම ගෙදර ඉඳලා මටත් එපා වෙලා තිබ්බේ අනික ලබන සති දෙකේ මගේ table tennis provincial matches ගන්නත් දින නියම වෙලා තිබ්බා.table tennis කියන්නේ ගොඩ කලෙක ඉඳන් ආසාවෙන් ප්ලේ කරපු මගේ මේන් ස්පෝර්ට් ගේම් එක.ඇත්තටම මේ ඉස්කෝලට ආවට පස්සේ මම මුලින්ම කරේ ටේබල් ටෙනිස් නෙවෙයි. ඉස්කෝලෙන් ස්පෝර්ට් එකක් කියලා කියන්න ක්‍රීඩා ගොඩක් කරලා තියෙනව.

ක්‍රිකට් වලට තිබ්බා ආසවට මුලින්ම ක්‍රිකට් ගහන්න ගියාට බෝලේ එනකොට මට බයටම එකට ගහන එක මිස්ස් වෙනවා.කොහොමින් කොහොමහරි ක්‍රිකට් වලට පුරුදු උනත් මට ටික කාලයක් යනකොට තේරුණා කොලුකමට ක්‍රිකට් කරාට ක්‍රිකට් කියන්නේ හැම කොල්ලෙටම සෙට් professionally ප්ලේ කරන්න සෙට් වෙන එකක් නෙවෙයි කියලා. ක්‍රිකට් කිව්වහම ලංකාවේ මිනිස්සුන්ගේ ලේ නලියනවා.මං හිතන්නේ අපේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වලටවත්නැති ගැම්මක් තමා කිරුකට් කියද්දි එන්නේ.කොහොම වුණත් මට ක්‍රිකට් සෙට් වෙන්නේ නෑ කියල තේරෙයිද මම ඉස්කෝලේ ක්‍රීඩාවක් කරන්න ඕනම කියල කියල තිබ්බ හින්දා එක එක ක්‍රීඩාවලට ගියා.ක්‍රිකට් නැවැත්තුවාට පස්සේ මම වොලිබෝල්, බාස්කට්බෝල් වගේම ඒ කාලෙ තිබ්බ ඇම්මත් එක්ක කරාතේ,ටයිකොන්ඩො වගේ ස්පෝට්සුත් ට්‍රයි කරල තියෙනවා.

හැබැයි රන්ඩුවලට පැටෙලෙද්දි ඉතින් කරතේ,ටයිකොන්ඩෝ හෙන ඩිසිප්ලින් වැඩියි කියලත් හිතුනා.ඊට පස්සේ ටික කාලයක් ස්පෝර්ට් එකක නොකරම අත ඇරලා දාල හිටියා. ඊට පස්සේ මට ඉස්කෝල ගොඩක් අය අඩුවෙන්ම ප්ලේ කරන ගේම් එකක් වෙච්ච ටේබල් ටෙනිස් ප්ලේ කරල බලන්න ආස හිතුන.මම කලින් කරපු ස්පෝර්ට්ස් professional විදිහට නැති වුනත් කලින් ප්ලේ කරල තිබුනා.ඒත් ටේබල් ටෙනිස් මම කවදාවත්ම ට්‍රයි කරල තිබ්බෙ නැ.

නසරාණියාWhere stories live. Discover now