39

3.1K 313 732
                                    

"දැන් කවදද ආපහු එන්නෙ?"

"එන්නේ කවදද කියල අහන්නේ?මම තාම ගියෙවත් නැනේ?"

"එන්නේ නැද්ද එතකොට ආපහු?ම්ම්හ්?"

"හරි හරි මල වදේ.ඉක්මනට එනවා.අද ගියා, ඉන් අනිද්දා එනවා."

"දවස් තුනක්?"

"හරි නම් පහක් ඉන්න වෙනවා.අම්මා දිග නිවාඩුවක් දාගෙනනේ.මට ඉතින් ක්ලාස් තියෙන නිසා මම කලින් එන්න ඉන්නේ?"

"ක්ලාස් නිසා විතරද?"

"ඔව්නේ නේද?"

".............................................................................................................................."

"හලෝව් සුදු මස්සිනා?"

"............................................................................................................................"

"හලෝව් මිස්ටර් වම්බට්ට?"

"කේතූර්?"

"ඇයි මල වදේ?"

"මට ඔය නම කියන්න එපා"

"වෙන මොනා කියන්නද අනේ?"

"එහෙනම් මාත් ඔයාට තිබ්බට්ටා කියනවා."

"ඒ මොකද?"

"මට වම්බටුනම් ඔයාට තිබ්බට්ටක් නේ තියෙන්නේ?"

"යාහ් ................................මට තමුසෙවයි තමුසෙගේ මල්ලිවයි මේ වෙලාවේ අතට අහු වුනොත් කැලි කැලි කරලා,තෙලේ දාල බැදලා..................."

"එහෙනම් මන් ආපහු යන්නම්."

"කොහේ යන්න.................ඔයා මෙහේ එනවද?"

"Thirty minutes වලින් මම එනවා.ඔයාලගේ ගෙදරට හැරෙන හන්දිය ගාවට එන්න පුලුවන්නේ.ඇදන් ඉන්න එකක් ඇදන් එන්න."

"මේ අහන්න...................බීප්.................බීප්"

කට් කලා නේ මේ සිප්පි හිකනැලා.මේක දැන් ගානට වැඩී.මම තියන්න කලින් හරි මම මොකක් හරි අහනකොටම කෝල් එක කට් කරනවා මට කතා කරන්න නොදී.අල්ල ගන්නම්කෝ අද ආපුවහම.

එන්න කිව්වට මොකද මොකක්ද දැන් ඇදන් යන්න.ඇදන් ඉන්න එක පිටින් එන්න කිව්වට මම දැන් ඇදන් ඉන්නේ අන්ඩර්වෙයාර් එක විතරනේ .මේක විතරක් ඇදන් එනවට කැමති වෙන්නෙ නැනෙ?මේක ඇදන් ගියොත් අලි අමාරුවක.මට හදිස්සියකට අපේ හන්දියේ වොශෲම් එකක් හොයාගන්න බැනේ මේ මනුස්සයාට යන්න.

නසරාණියාWhere stories live. Discover now