11

2.4K 331 115
                                    

පර්මනන්ට් කන්නාඩි දෙකත් එක්ක එදා ක්ලාස් එකෙන් ගිය සර් හවස ගාථා කියන වෙලාවට ආවේ නම් ඒක ගලවල ද කොහේද.මොකෙක් හරි දැකල කියන්න ඇති.එදා ගාථා කියන්න ක්ලාස් එකට ආපු වෙලාවෙ මන් දිහා ඔරොවන් බලන් හිටියා.සුවර් එකටම මම කරන්න ඇති කියල හිතන්න ඇති.ඔව් මම තමයි කරේ ඒත් ඉතින් සර්ට මම කරා කියල ඔප්පු ඔප්පු කරන්න විදිහක් නැනේ.මොනා නැතත් කාලේකට පස්සේ හොද අතල් එකක් ගත්ත.

ඊයේ කරපු දේත් එක්ක මට ආයෙම ෆිට් ගතියක් දැනුනා.මේ මනුස්සය පන්නන්න කිය ගහපු ඔය මුල් ප්ලැන් ටික ටිකක් විතර ඉතින් හරියට කරගන්න් බැරිවුනා තමයි.ඒව ඉතින් රියසල් පාරවල් නේ.දෙවෙනි අදියර ක්‍රියාත්මක කරන අදහසින් මම මේ උදෙන්ම ගෘහවිද්‍යා කාමරේට ගිහින් එනගමන්.අපේ සෙට් එකේ කොමස් එකේ පහල කැබින් කාමරේ ලග මුරට දාල මම ඒක අස්සට රින්ග ගත්තා.උදෙන්ම ගුරු රැස්වීමක් ගන්නවා කිව්ව නිසා කොහොමත් ඒ වෙලාවෙ එක ගුරුවරයෙක්ව ඉස්කෝලේ  ක්ලාස්වල නැ.ඔක්කොම Audit එකට ගිහින් තියෙන්නේ.ඉස්කොලේ එකම සද්දයක්,ප්‍රිෆෙක්ට්ලත් භාගයක් විතර අද උන්ගේ ඩේ එකක්ට ලැස්ති වෙන නිසා බාගයක් විතර තමා ඩියුටි දාල ඉන්නේ.කොහොමත් අපේ වයසේ එවුන් නම් ඉතින් අහන්නෙත් නැනෙ ඔය ප්‍රිෆෙක්ට්ල කියන මගුලක්වත්.

කැබින් කාමරේ වටේ ඇස් කරක කරක බලපු මට මම හොයන ගමන් තිබ්බ ඩාර්ක් බ්ළැක් ලේදර් සූට්කේස් එක ඇස් වල ගැටුනා.අඩිය දෙකට එතනට ගිය මම දැක්කෙ මට ඕනකරපු දේ බැග් එක ලගම තියෙනවා කියලා.සාක්ශියවත් ඉතුරු නොකර ගානට මිම්මට වැඩේ කරල එනකොට අරුන් සෙට් එක එහා පැත්තේ බිත්තියට හේත්තුවක දාගෙන බර කතාවක.මරු සෙට් එක මුරට තියල ගියේ.

"දැන් උබ කෙල්ලට සප්‍රයිස් එකක් දෙන විදිහටද කරන්නේ?"

"නැත්තන් බන්.සයුරිට මාව හම්බෙලා කතා කරන්න ඕනේ කිව්වා.මේ දවස්වල බන් ක්ලාස්වලත් නහුතෙටම හිර වෙලනේ.මම කෙල්ලට සෙනසුරාද එන්න කිව්වා.ආහ් හේශු?"

"වැඩේ හරිද?"

"ම්ම්,ක්ලාස් එකට යමන්.කෝ නෙලීශය?"

"ඌට මොකක්ද වැඩක් තියෙනව කියල ගියා."

අපි සෙට් එකම ක්ලාස් එකට ඇවිත් වාඩි වුනා.අපි සෙට් එකේ නිත්‍ය ස්ථානය තමයි ක්ලාස් එකේ පසුපෙල.බිත්තිය අයිනෙම ඉන්නෙ තඩිය.ඌ කොහොමත් බිත්තියක් බදන් බුදියන නිසා ඌට එතන දීල තියෙන්නේ.ඊලගට වර්ශයා.මැද ඉන්නෙ නෙලීශය.ඊට පස්සේ චිරායුවා.කෙලවරෙම මම.කොහොමත් අද උදේම පීරියඩ් දෙකම අපිට තියෙන්නෙ ප්‍රොජෙක්ට් ලයිබ්‍රි.ඔය දෙකෙ නම් ඉතින් කරන ප්‍රජෙක්ට් එකකුත් නැ කියවන පොතකුත් නැ.කවුරුහරි මිස් කෙනෙක් හරි සර්කෙනෙක් හරි ඉතින් ඇවිල්ල පාඩමක් උගන්නනවා.අපිට කලින් දවසේ කියල තිබ්බෙ උදේ පීරියඩ් දෙක මේ සතියේ ඉකොන් වලට ගන්නවා කියලා.සර් එන්න පරක්කු වුන නිසයි අපිට කවර් කරගන්න පාඩම් තව වැඩිපුර ඉතුරු වෙලා තිබ්බ නිසයි සර්කාරයා පුලුවන් හැමවෙලාවකම උගන්නනවා.ඒකා මොනා නැතත් හොදට උගන්නන නිසා හොදයි නැත්තන් ඉකොන් ඔක්කාරෙට ඇවිල්ල එකක් වෙන්නේ.

නසරාණියාWhere stories live. Discover now