24

3K 360 647
                                    

ගේට් ඩියුටි ඉවර උනහම අපි ටික දෙනෙක් ඇර ඉතුරු ඔක්කොම තමන් භාර වෙල තියෙන ක්ලාස් එකේ ඩියුටි බලන්න යන්න ඕනේ.ගාථ කියනකන් ඉදලා ක්ලාස් ඩියුටි ඉවර කරල අපේ ප්‍රිෆෙක්ට් බුක් එක ඒ ක්ලාස් එක භාර පන්තිභාර මිස් හරි සර්ගෙන් හරි නැත්තම් සහකාර පන්තිභාර මිස්ගෙන් හරි සයින් කරල ඊටපස්සේ ප්‍රිෆෙක්ට් රූම් එකට යනවා.එතනදි ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ මිස් කෙනෙක් හරි සර් කෙනෙක් හරි නැත්තම් HP ,DHP දෙන්නගෙන් එක්කෙනෙක් හරි චෙක් කරල බලල ඉවර වුනහම තමයි බෝඩ් එකේ මීටින්ග්ස් හරි වෙන වැඩක් හරි නැතිවුනොත් ක්ලාස් එකට යන්න පුලුවන්.

ගේට් ඩියුටි ඉවර වෙනකොට මගේ කකුල් දෙකට පනත් නැ.එක දවසට මෙහෙම නම් තව අවුරුද්දක් මේ මගුල කොහොම කරන්නද.ඩේ තියෙන දවස්වලට ස්පෝර්ට්ස් මීට් කාලේට මගේ හොද පණ ගිහිල්ල තියේ.මම එහෙම්මම මුරකුටිය ගාව තිබ්බ ටැප් එකෙන් මූන හෝදගෙන සාක්කුවේ තිබ්බ ලේන්සුවෙන් මූනත් පිහිදන් ගියේ ආට් එකට.මට ඩියුට් වැටිල තිබ්බේ 13 පන්තියක.එපා වෙනව අප්පා.ඔය 13 එවුන් හිතන් ඉන්නේ මාස 7 ක් 8ක් කලින් ඉපදුනා කියල උන් හෙන ලොක්කෝ කියල.පිස්සු පකක්නේ.අපි මේ පස්මහ බැලුම් බලල ඉපදෙනව යැ.

චිරායුවට නම් ප්‍රයිමරිය.ඌත් බබානේ.බබා වගේ ඉන්න තියෙන්නේ.ඌගේ මිනිහා තමයි ඌට ලේසිව දීල අපිට අමාරුව දෙන්නේ.ප්‍රයිමරියේ ප්‍රයිමරි ප්‍රිෆෙක්ට් බෝඩ් එක හිටියට සීනියර් බෝඩ් එකෙන් එක්කෙනෙක් හැම ග්‍රේඩ් එකකම ක්ලාස් චෙක් කරන්න යවනවා.ඒ කියන්නේ සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා පස් දෙනෙක් ප්‍රයිමරියේ ඩියුටි බලන්නත් යනවා. ආට් එකේ උඩම තමයි ප්‍රිෆෙක්ට් රූම් එකත් තියෙන්නේ .ඒකත් හොදයි නැත්තන් ආපහු තට්ටු හැටහුටහමාරක් බැහැල ඒවගේ ගානක් නගින්න එපැයි.බැරිද දන්නේ නැනේ අපේ ඔය පහසුකම් හා සේවා ගාස්තු කියල ඉල්ලගන්න මගුලෙන් ලිෆ්ට් එකක් දාල දෙන්න අප්පා.ගන්න මගුලෙන් වෙන සංවර්ධනක් කියල මේව තමයි කරන්න ඕනේ.කොහෙද අපෙන් අදහස් විමසීමක්වත් නැනේ.නිදහස් අධ්‍යාපන කිව්වට........

"හේශ් "

මනෝ විකාරෙන් ආට් එකේ තට්ටු පහු කරන් නගිනකොට මම සිහියට ආවේ ඇහුනු හුරුපුරුදු කටහඩක් එක්ක.

නසරාණියාWhere stories live. Discover now