32

3.1K 431 759
                                    

"මොකක්?"

"මොකක් නෙමෙයි බන්.ඉස්සරහා බලාගෙන එලවපන්කෝ.ඉක්මනට යමන් බන්.අර මිනිහා මාව කැලි කරයි."

"පුලුවන් උපරිමේට තමයි යන්නේ.තව වේගෙන් යන්න ගියොත් එක්කෝ අපි දෙන්නට පරලොවට වීසා ගන්න පුලුවන්, නැත්තන් පොලීසිය පැත්තේ ගිහින් OIC මහත්තයා හොදින්ද කියලා බලන් එන්න පුලුවන්."

"මගුලක් දොඩන් නැතුව එලවහන්කෝ බන්.දැන් විනාඩි දහයක්ම ගිහින්."

"උබ මොන මගුලකටද බන් ඌට Daddy Daddy ගාල කෝල් කරන්න ගියේ?"

"අඩේ මම ගත්ත කෝල් එකක් නැ බන්.මුන්දැ තමා ගත්තේ.කොහෙන් මගේ නම්බර් එක හොයාගෙනද මන්දා.මන් ගාව උගේ එක තිබ්බට මම ඌට මගේ එක දීල තිබ්බේ නැනේ.මාව උල තියයිද දන්නෙත් නැනේ බන්?"

"උගේ උලෙන් තියා ගනින් බන්."

"මොන...."

සුවඳ සබන් ඇඟ ගාලා හායි හායී
කුඹුකෙ ළිඳෙන් දිය ඇද.. නාලා....
හැඩ වැඩ වෙන්නේ මෙමා ලස්සන සලු පලඳා...
එනවා බාප්පි සොයා...

පාලා.... අනඟ රැඟුම්‍ මෙමා....සමග ඉතින්‍ ඉන්‍නට ලැබෙන එකත්‍ පෙර කල පිනකි උතුම්‍ ඉන්‍නට ලැබෙන එකත්‍ පෙර කල පිනකි උතුම්‍ තෝරා ගන්‍න ඉතින්

සුවඳ සබන් ඇඟ ගාලා හායි හායී
කුඹුකෙ ළිඳෙන් දිය ඇද.. නාලා....
හැඩ වැඩ වෙන්නේ මෙමා ලස්සන සලු පලඳා...
එනවා බාප්පි සොයා...

නෙලීශයා අමුතු පොල් උලක් ගැන කියද්දිම මම ඒ මොන උලද කියලා අහන්න යනකොටම මොකාද යකෝ මේ ඇක්වා එක ඇතුලේ වේදිකා නාට්‍ය නටන එකා?දන්න පුරුදු බෙලෙක්ක වොයිස් එකක් ඇහෙද්දි මමයි නෙලීශයයි දෙන්නම මූනෙන් මූන බලාගත්තේ ඒ මොන හරුපයක්ද කියලා.රේඩියෝ එකත් ඕෆ් වෙලා තියෙන වෙලේ මේ මොකක්ද ඇහෙන්නේ?ටක්කෙටම ශුවර් මේක රේඩියෝ එකෙන් ඇහෙන එකක් නෙමෙයි කියලා.මේ සිංදුව රේඩියෝ එකේ ප්ලේ උනොත් මිනිස්සු රෙදි උස්සන් ගුවන්විදුලි සංස්ථාවට යයි නැත්තන් ඔරිජිනල් සින්ගර්ට හාට් ඇටැක් එකක් හැදිලා මගුලක් වෙන්නේ.

"හේශුවා,උබේ ෆෝන් එකද ඒ?"

"නැ බන්,මගේ රින්ග් එක senorita.උබෙද?"

නසරාණියාWhere stories live. Discover now