16

2.2K 337 293
                                    

මේ වෙලාවේ අපි පස් දෙනාම වාඩි වෙලා ඉන්නේ.කවිත්මයා බිත්තිය අයිනේ,ඊට එහා පැත්තේ වර්ශයා,මැද චිරායුවා,ඊට එහා පැත්තේ මම,මට වම් අත පැත්තේ මේ කෙලවරේම නෙලීශයා.කලින් නෙලීශයා ඌට මගෙ තැන වාඩි වෙන්න ඉල්ලුවම මම චිරායුවගේ මූන දිහාම බලන් හිටියා.ඌ විනාඩියක් විතර මුකුත් කියන්නේ නැතුව ඉදල උගෙ බඩු ටිකත් ඇරන් නෙලීශයා ඉන්න තැනට ආව.ඊට පස්සෙ අරුන් දෙන්නත් ශේප් එකේ කෙලවරට පැනගද්දි මමත් බැග් එක අරන් වාඩි වුනේ නෙලීශයත් මගේ එහා පැත්තේ වාඩි වෙනකොට.නෙලීශය නම් පාඩුවේ පහුගිය දවස්වල නෝට් එක බලනවා.චිරායුවත් නෝට් එක බලනවද කොහෙදෝ.හැබැයි උගේ bombastic side eye එකත් නිකන් පේනව පේනව වගේ.

උදේම අකවුන්ටින් තමා තිබ්බෙ.කැල්කියුලේටරයක් දීල ගනන් හදපන් කිව්වත් මේවගේ දෙන්නේ කැල්කියුලේටරෙන් හැදුවත් බැලන්ස් වෙන්නේ නැති ගනන් අප්පා.ටීචර් බෝඩ් එක පුරා පත ගානක් දාල හදන්න කියල ඔෆිස් එකට ගිහින් එන්න කියල ගියා.මම පැන්සෙලේ අගත් හපන් දාගෙන දෙපාරක් විතර මකලා හැදුවා.හම්මා ඒ පාර නම් හරියට ආවද කොහෙදෝ?

"හේශ්?"

"ම්ම්"

"උබට බැලන්ස් වුනාද බන්?"

"බැලන්ස් නම් වුනා .ඒත් හරිද දන්නේ නැ?"

"අනේ අප්පා මට බැලන්ස් වෙන්නේ නැනේ?"

"කෝ බලහන්"

චිරායුව නහයත් අකුලන් කෙදිරි ගානකොට මම එහෙම්මම මගේ එකෙන් ඔලුව උස්සලා උගේ පොතට එබිල බැලුවා.සැක් මූ නම් පොත පුරාම කපල කොටල ටිපෙක්ස් කරලා අපරාද ස්ථානයක් වගේ.

"ම්ම් මේන් මෙතන උබ වැරදි අගයක්නේ දාල තියේන්නේ.අනික මෙතන........"

"හේශ්?"

ඒත් එක්කම් මායි චිරායුවයි දෙන්නම හැරුනේ මගේ නම ඇහුන පැත්තට.මගේ අතකින් කොක්කකුත් දාගෙන නෙලීශයා පොත දිහා බලන් ඉන්නවා.

"හේශ් බලන්නකෝ,මේ ගාන හරි නේද?කොහෙද මම මේක උගන්නනකොට හිටියෙත් නැනේ අප්පා"

නෙලීශයා එහෙම කියන ගමන් මගේ වැලමිට ලගින් ඇදලා ඇරන් ඌගේ පොතේ තියෙන ගාන දික්කර කර පෙන්නනවා.බේසිකයා.අකවුන්ටින් වලට සෙක්ශන් එකේම ලකුනු වැඩි එකානේ දැන් මේ මට කියලා ගාන අහගන්නේ.ඌ මේක ඉස්කෝලේ උගන්නනකොට හිටියේ නැතිවුනත් ක්ලස් එකේ උගන්නද්දි හිටියනේ.අගනා රංගනයක්,සම්මානයක් ලබා දිය යුතුමයි.

නසරාණියාWhere stories live. Discover now