25

3.5K 377 664
                                    

අද අකවුන්ටින් පේපරේ ගැන නම් කතා කරල වැඩක් නැ.මගේ ඔලුව පිස්සු නටල වගේ ඉන්නේ.අම්මපා මේ පේපරේ ලංකාවේ මහ බැංකු අධිපතිට යැව්ව නම් මට ශුවර් ඌත් ෆුල් අන්දොස් වෙනවා ඒ ගණන්වලට.එහෙනම් ඌට හිතෙයි ලංකාවේ භාණ්ඩාගරේ සම්බන්ධ විසදන්න තියෙන්නේ මොනාද මෙන්න මේ තමයි නියම ගැටලු කියලා.පේපරේ සැහෙන සංශෝධන වගයක් තිබ්බ නිසා ඒවා ආපහු හදන්න වෙලා යන නිසා අපිට වැඩිපුර විනාඩි දහයකුත් දුන්නා පේපරේ කරන්න.

අන්තිමට පේපරේ එකතු කරන් ගියාට පස්සේත් මම ඉදන් හිටපු තැනම ඉදගෙන හිටියා.අපේ සෙට් එකේ එවුන් ගැස්ට්‍රික් විස්තරේ අහල මාව ඩෙවල් දැම්මේ නැති ටික විතරයි.අන්තිමට ඒකෙන් මේකෙන් වුනේ අවුරුද්දකට ගැස්ට්‍රික් හැදෙන්නේ නැති වෙන්න තඩි බත් ගෙඩි පහක් ගිලින්න වුන එක.

"හේශ් කට ඇරහන්,මේ බත් කට කාහන්"

"ඉක්මනට කාපන්කෝ ඒයි,බලහන් මම උබ වෙනුවෙන් අන්තිම ඉස්සත් ඉතුරු කර ගත්තා."

"අඩෝ......කන්න බැ බන්."

"අහ් කන්න බැරි මොකද උබ උපවාස කරනවැයි මොකෙක්ට හරි සෙත් පතලා.හපල කාහන්කෝ බන්."

"හිටපන්කෝ බන් චුට්ටක් හුස්ම ගන්නකන්.අඩෝ තඩිය ඔය කට ලොකුයි බන්.පොඩි එකක් කවපන්කෝ බන්.ලොකු ඒවා සෙට් නැ බන්."

"අනේ මේ ලොකුව දාගන්න පුරුදුවෙයන්.චිරා එහාට වෙයන් මන් දැන් කවන්නේ."

"තඩියා පල එහාට.මට දැන් හේස්ට කවන්න ඕනේ.බාප්පි කියන්නකෝ.මම මේ අන්තිම කට හේශ්ටමයි ඉතුරු කරගත්තේ.මගේ ආදරෙත් දාල ඇනුවේ.ඉක්මනටම සනීප වෙන්න කියල."

"සුදූ හේශ්ට වැඩිත් එක්ක.මට කවන්නකෝ බබා.ඔයා මට එක කටක්වත් කැව්වේ නැ අද.ඔක්කොම හේශ්ට."

"අනේ මේ නිකන් හුරතල් වෙන්න එපා ඒයි.දැන් කියන්න එපා තමුසේ හේස්ට ජෙලස් කියල."

"අඩෝ රණ්ඩු.....ම්හ්ම්....හිමි..න්."

"ඉස්සා වැටුනා.ආහ් කාහන්.කතා කරන්නේ නැතුව කාහන්."

වර්ශයයි තඩියයි චිරායුවයි මාව වට කරන් මාරුවෙන් මාරුවට ගිල්ලනවා. මාර මහන්සී අප්පා.කවද්දි මහන්සියක් දැනෙනෙ එකම එකා මං වෙන්න ඇති.මුන් තුන් දෙනා හුස්මක් කටක් ගන්න දෙන්නේ නැනේ.නෙලීශයාගෙන් කරදරයක් නැ. ඒත් ඌත් කන්කෙදිරිය උගේ සුදූ බත් කවන්නේ නැ කියල.

නසරාණියාWhere stories live. Discover now