41

2.8K 315 508
                                    

සිකෲම් එක එලියේ බිත්තියට හේත්තුවෙලා ව්නාඩි පහලොවක් විතර හිටපු මම කකුල් දෙකට බලෙන්ම හයිය ඇරන් ක්ලාස් එක පැත්තට ගියා.රශ්වානයා නම් බැග් එක ක්ලාස් එකෙන් ගෙනත් තියලා තිබ්බේ උදේ.මගේ එක නම් තාම ප්‍රිෆෙක්ට් එක අස්සේ ඇත්තේ.උගේ බැග් එකේ තිබ්බ ෆයිල් එකත් අරන් ආපු මම ආපහු කැන්ටිමේ හිටපු ඇන්ටිට කියල කිරි එකක් ඉල්ල ගත්තා.ඉන්ටර්වල් එක ඉවර වෙලා තිබ්බේ එතකොට.

ක්ලාස් එකට යනකොටත් බිස්නස් මිස් උගන්නනවා.වැඩක් තියෙනවා කියලා මිස්ට කියල ආපු නිසා මිස් ආපහු එන්න දුන්නා.මගේ මූන තිබ්බේ අවුල් ගතිය නිසාමද මන්දා චිරායුවා ඇයි කියල ඇහුවත් මම අවුලක් නැ කියලා ආවේ එවෙලේ එතන මෙච්චර ලොකු ප්‍රශ්නයක් කතා කරන්න කතා කරන්න සුදුසු තත්ත්වයක් නොතිබ්බා වගේම මම වුනත් එවෙලේ ලොකුවට දෙයක් කතා කරන්න හොද සිහියක නෙමෙයි හිටියේ.ඒ හින්දම වැඩ වගයක් තියෙනව කියල මම ෆයිල් එකත් උස්සන් ආවේ මිස් මම කොරිඩෝ එකේ නොපෙනී යනකම්ම විභාගේ වැදගත්කම ගැන කැගහල කියද්දි.

ඕක නම් අහල ඇති වෙලා තියෙන්නේ.මිස් වුනත් දන්නවා ඔය මොනා කිව්වත් ඉතින් අන්තිමට ලකුනු වැඩියෙන්ම ගන්නේ ඉතින් ඔය සති ගනන් ස්ටඩී ලීව් දාල ටියුශන්ම විතරක් ගිහින් වැඩ කරන අය නෙමෙයි.ඇත්තටම ඉස්කෝලේ හොදම ප්‍රතිපල අතරේ හිටියේ ඉස්කෝලේ හැමදාම වගේ ආව බාහිර වැඩත් හොදටම කරපු අය.මම මේ මම ගැන නෙමෙයි කියන්නේ.නිකමට හිතලා බැලුවොත් නෙලීශයා තමයි ඒකට හොදම උදාහරනේ.

ඌ ඉස්කොඅලේ හෙඩා,ක්‍රිකට් ටීම් එකේ කැපා.ඌ ස්පෝර්ට්ස් මීට් ,බිග් මැච්,ඉස්කෝලෙ වැඩ,හොටෙල් එකේ වැඩ,පාඩම් වැඩ,ඔක්කොමට හපන් චිරාව නලවන එක වගේ ඔය ඔක්කොම වැඩ තනියමමයි කරගන්නේ.ඌ ඔය ඔක්කොම කරල පන්තියේ දෙවෙනියා.සෙක්ශන් එකේ තුන් වෙනියා.මම නම් හිතන්නේ මිනිස්සු කාර්යබහුල වුනාට තමන්ගේ වැඩ ඔක්කොම පිලිවලකට කරගන්න දන්නවනම් හැමදෙටම කාලයක් ඉතුරුවෙනවා.කාල කලමනාකරනය කලොත් අපිට නැති වෙලාවලුත් මතු වෙනවා.එතකොට සතියට වැඩිපුර දවස් ඕනෙම නැති වෙයි.

ෆයිල් එකත් උස්සන් කැන්ටිමටත් ගිහින් ආපු මම ඒ ටික රශ්වානයට දුන්නේ සිකෲම් එකට ගිහිලා.එතකොටත් දේව්ට සිහිය ඇවිත් තිබ්බේ නැ. ආපහු ක්ලාස් එකට යන්න හිත නොදුන්න නිසා මම කෙලින්ම ගියේ ප්‍රිෆෙක්ට් රූම් එකට.හැට හුට හමාරක් තට්ටු නැගලා යනකොට නෙලීශයා විතරයි ක්ලබ් රූම් එකේ හිටියේ.ඌත් දාගෙන මොකක්ද මන්දා වැඩක්.ඌට ලබන සති දෙකේ වැටිල තියෙන එක එක ඩේ මගුල්වල බජට් ලැයිස්තු බලන්න ඇවිල්ල.

නසරාණියාWhere stories live. Discover now