48

2K 178 232
                                    

"චූටි මහත්තයා"

"ඕහ් අම්මා."

"තේ බොන්න එන්නෙ නැද්ද ?"

"ආහ් එන්නම් එන්නම් පොඩ්ඩක් ඉන්න."

"චූටි මහත්තයා."

"ඕහ්?"

"මම දැන් තේක හදලා විනාඩි දහයක් විතර.එන්නෙ නැද්ද ලමයෝ?හදනකන් මැරෙන්න හදනවා තේ ඉල්ල ඉල්ලා.හැදුවට පස්සේ සීතල වෙලා කූඹිත් යනකන්....."

"මේ එනවා."

හපෝයි.තේක හදල ඉවර වෙච්ච වෙලේ ඉදන් මම ඒක බොනකන් අපේ අම්මට කොහොමත් ඉන්න බැ.බොනකන්ම ඉතින් එයා කැගහනවා.අන්තිමට අතේ තිබ්බ පොතේ කියව කියව ඉදපු තැනට බුක් මාර්ක් එකක් දාපු මම පොත එහෙම්මම ඇදේ කෙලවරකින් තියලා ආවේ තාමත් පොත් අස්සේන් එන අලුත් පොත් පුසුඹ ඉව කරලා.මේ දවස්වල මම ඉන්නේ වෙනම ලෝකෙක.

බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, "ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.

ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ...
ඔයා නිකම්ම නිකන් මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි. කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.

මල්කිනිත්තක පුරාවෘතයක් එක්ක මැයි මලකට පෙම් බැන්ද මම ඊයේ රැ සෙංකොට්ටනුත් කියවලා ඉවර කරා.ඒ පොත ගෙදර තිබිලත් මෙච්චර කල් කියවන්න පරක්කු කරපු එක ගැන මම මටම බැන බැනහිටියේ.ඒ තරම් ඒ කතාවල මම මේ දවස්වල ජීවත් වෙනවා.මහපොලොවේ යථාර්ථයක් ඇතුලේ ජීවත් වෙනව.ඒත් සෙංකොට්ටන් කියවපු මට ඒක දැනෙන්නේ කියවිය යුතු නමුත් මම කිසි දවසක යලි කියවයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි පොතක් කියලා.

නසරාණියාWhere stories live. Discover now