17

2.3K 370 334
                                    

නාට්ටියට නම් දීපු ඔක්කොම ඒ කියන්නේ පන්තියෙන් භාගෙකට කිට්ටු වෙන්න ලමයි ප්‍රමාණයක් නැගිටලා ඉන්නේ.සර් කාරයා රශ්වාන්ගෙන් කොලේ ඉල්ලන් ඒක උඩ ඉදන් පහලට දැන් වරුවක් කියවනවා.ඉදන් ඉන්න එව්වෝ ටික පැදුරු සාජ්ජේට ඉන්න අය.අපේ මුලු පෝලිමම හිටන් ඉන්න නිසාද නැත්තන් මේ හේශ් කොලුව සංගීතේ අත ඇරලා රංගන ක්ශේත්‍රයට පිවිසෙන්න ගත්ත තීරණේ නිසාද මන්දා මුලු ක්ලාස් එකම හැරි හැරි බලනකොට මම ඇල්ශයිමර් රෝගේ හැදිච්ච එකා වගේ අහක බලන්ම හිටියා.අඩේ මට සිරාවටම ඇල්ශයිමර් හදාගන්න බැරි වෙයිද?මේ දවස මතකෙන් මකල දාන්න ඕනේ අප්පා.මම හිමීට නෙලීශව කිනිත්තුවේ මේක හීනයක්ද නැද්ද කියල දැනගන්නයි.

"ආව්ව්,මොකද බන් කුනිත්තන්නේ?උබ අද කුනිත්තලම මගේ ඇග පුරාම කොනිති පාරවලුයි නියපොතු පාරවලුයි."

"අඩෝ මේක හීනයක් නෙමෙයිද බන්?"

"මොන හීනයක් ගැනද බන් කියන්නේ?"

"හීනයක් නෙමෙයිද යකෝ?ඒ කියන්නේ අපි අලුත බැදපු කපල් එකක් වෙන්න යනවා කියන්නේ ඇත්තක්ද?"

"ඕකේ ඔච්චරම අවුල් ගන්න දෙයක් තියෙනවද බන්,මේ පොඩි ඇක්ටින් පාරක් දාන්නනේ තියෙන්නේ.අනික බයවෙන්න එපා මම ඉන්නවනේ."

"උබ ඉන්න එක තමයි දැන් මට තියෙන ලොකුම බය.උබ ඊලගට මොන කුන්ඩවාලයක් නටන්න යයිද දන්නේ නැනේ?"

මම එහෙම කියද්දි අරූ හිනාවෙනවා.හිනාවෙයන් පුතෝ.උබ තමයි මාව කැවේ.

"ලමයි ඔය තැන් තැන් වල කතා නවත්තගන්න."

සර් එහෙම සද්දෙන්ම කියල කොලේ රශ්වාන්ට දුන්නා.මූ ඒකනම් මටයි නෙලීශයටයි තමයි කිව්වේ.අපි දෙන්න හිටගත්ත වෙලේ ඉදන්ම කුටු කුටුවනේ.

"ම්ම් මට සතුටුයි මේ වැඩේදී හැමෝම දේවල් භාර ඇරන් කරපු අය.දැන් රශ්වාන්, මෙතන ඉන්න ඔක්කොම අය කලින් මෙහෙම ඩ්‍රාමස් වල රගපාපු අයද?"

නැ යකෝ.ඒත් මම මේ දවස්වල චරිතයක් භාර ඇරන් ඉන්නේ.Replacement crush කියලා.එක දවසයි රග පැවේ මාලනී ෆොන්සේකටත් වඩා ලව් සීන් ගැන රගපාන්න දැනුමක් ලබාගෙන තියෙන්නේ මගේ සහයකයා නිසා.

නසරාණියාWhere stories live. Discover now