1.

1.1K 57 7
                                    

වෙනදා වගේම අදත් මම ඔක්කොම වැඩ ටික කරලා දාලා ආවෙ සසරම කල කිරෙන ගමන්.......
මොන රෙදදක් ද හැට්ටයක් ද චීත්තයක් ද ඔක්කොම වැඩ අස්සෙ අර රෙද්දෙ ගෑනිව බලන්න ගියා පෙරුම් පුරා ගෙන ආ සංසාරෙ කිව්වලු ඒකිගේ අච්චිට යන්න පුලුවන් හැම තූත්තුකුඩියකම යනව මාව හම්බවෙන්න එන්න ගියාම දහසකුත් රාජකාරි....අවුරුද්දක් තිස්සෙ ආදරේ කරලා බඩු බනිස් වෙනවා කියලා මට දැන් පෙනී යනවා.....තුන්සිය හැට පස් දවසේම online මැසේජ් දැම්මොත් no reply ඒකිගේ අම්මට.....
අහෝ දුකකි කිව්වලු ඉතිං ඔව්ව ඔහොමයි කියලා මම මේ මම සැලෙයිද?ජීවිතේට නෑ....

මගේ නම නම් නමින් කියන්නෙ රත්නායක මුදියන්සේලාගේ තුහාන් සමරනායක....උගේ අප්පගෙ නමක් තමා මටත් මේ ගෙදර උන්දැලා දාලා තියෙන්නෙ....අම්මලා අප්පච්චිලට ඉන්න එකා යකා වෙච්චි මට අම්මට සිරි වෙන්න අවදානයක් හම්බෙන්නෙ ඒකට පිං සිද්ද වෙන්න සතා සීපාවා ආශ්‍රය කරන්න අවසරයක් නැත්තේ මාහා උරග දැවැන්ත රාජයා සේ වැඩ සිටින මා දයාබර අප්පුච්වට පිං සිද්ද වෙන්න.කල ගුන පස්සෙන් පන්න්නනවා වගේ මට ඉන්නෙ එකම එක යාලුවයි ඌ නම් අයෙ පට්ට ගහලවත් හදන්න බැරි එකෙක් මකන්න ගියොත් මේ ලෝකෙම තියන මකන ටික ඉවර වෙනව මිසක් ඌව නම් මකලා හදන්න බෑ....අපේ ගෙදර මහත්වරු මහත්මියන් හිතාගෙන ඉන්නෙ ඌ තමයි මේ ලෝකේ ඉන්න හොදම එකා ඌ තමා ලංකාවෙම ඉන්න සුවච කීකරු අම්මගේ කුක්කු බෝතලේ කටේ ගහන් ඉන්න සුරතලා කියලා. ඌ කරන අසමජ්ජති අසික්කිත තුප්පැහි වැඩ වලට අහුවෙලා ඉන්නෙ අනේ මේ අසරන මම...
ඉතිං මම වැඩ කරන්නෙ නම් script writer කෙනෙක් විදිහට.මෙහෙමයි එහෙම වැඩක් කරන්නෙමත් නෑ කරන්නෙ නෑ කියන්නමත් බෑ...වැඩේ කියන්නෙ මට තාම එච්චර වයසක් නෑ...තාම 19 අප්පා...a/l කියන අලකලංචිය ඉවරකරලා දාලා...ඇච්චො බැච්චො ටිකකට නාට්‍ය හා රංග කලාව කියන මහා දැවැන්ත විශය පිලිබදව මම දන්න දන්න තරමින් කියලා දෙන එක තමා මම නම් කොරන්නෙ....මගේ තියන වැඩ රාජකාරිය ඕක තමා වෙන එව්ව නම් ඉතිං නත්ති.....script writer කෙනෙක් වෙච්ච මට නිකන් අතපය කහනවට නිකන් ඉන්න බැරි කමට කතාවක් ලියන්න ගත්තට මොකද ඊලගට ආපු නොටිෆිකේශන් එකෙන් මගෙ මුලු ජීවිතේම කනපිට ගැහුවා.....

නිමක් නැති.🔞Where stories live. Discover now