14

139 9 0
                                    

"මම හිතන්නෙ දැන් එන්න එන්න අපේ මහෝත්තම අසුර රජාට අසුර ලෝකෙ ගැන අමතක වෙලා වගේ දවස් කීයක් නම් කියලා මෙව් රජා අපේ අසුර ලෝකෙට පය ගැහුවෙ නැත්ත මෙච්චර දවසක් සාමාන්‍ය මිනිස්සුන්ගේ අස්සෙ වැටිලා ඉදලා අසුර ලෝකෙ ගැන අමතක වෙලා වගේ...."

"තමුන් කවුද කියන එක අමතක කරන්න එපා ගරුඩ...ඔබේ තත්වය මතකයේ තබා ගත්තොත් හොදයි...."

"තමුන් නිකන්ම නිකන් ඒ අසුර රජතුමාව ආරක්ශා කරන්න ඉන්න සතෙක් විතරක් කියන එක අමතක වුනාද වලිග නවයෙ නරි පැටියො..."

"මොකක්ද තමුන් කිව්වෙ..."

අසුර රජු සම්ප්‍රාප්ත වන වගායි!!!!!

සැරදේවා අසුරේන්ද්‍රයානෙනි!!!!

සර්වේශ තමන්ගේ වාසභ්වනට ඇවිල්ල වාඩි වුන ගමන් මෙච්චර වෙලා තිබුන සද්ද බද්ද ඔක්කොම ටික නැති වෙන්න තප්පරයක් වත් ගියෙ නෑ...සර්වේශ නරි වේශයට හැරිලා හිටපු තමගේ ආරක්ශකයව අත්ට ගත්තේ වෙනදා නැති හැගිමකින්....

"ඔබලට ප්‍රශ්න තිබෙනවානම් ඉදිරිපත් කරන්න."

"තුන්ලොවටම අධිපති අසුර රජුනි....
සර්ප ලොවට අධිපත් ගරුඩ මම වෙමි...
ඔබ අසුර ලොව රැදෙන කාලය බෙහෙවින් අඩුවෙමින් පවති එලෙසම ඔබගේ ආදර්ණීය සහයකයා කැදවාගෙන පැමිණීමට සුදුසු කාලයයි මේ...."

"ගරුඩ මම ඔබෙන් පැනයක් අසමි...."

"එහෙමයි..."

"ඔබට ඇති බලය කුමක්ද මගෙන් පැනයක් ඇසීමට.ජීවත් වීමේ ආසාව ඔබට නොමැති වී ඇති හැඩයි..."

"සමා අවසර....ගැත්තට අනුකම්පා කරන්න!!!"

"අනුකම්පාව...ඔබ එ වචනයට පවා සුදුස්සෙක්ද එසේ නම් මම දැන ගන්න කැමති ක්ශේම යුවරජතුමා පැමිනි බව එතරම් ඉක්මනින් සුරයො දැන ගත්තේ කොහොමද කියලා..."

සර්වේශ එක කිව්වෙ ඒ මොහොතේ එයාගෙ අතේ තිබුන අතිබලගතු බලයක් හිමි ඔහුගේ අසිපත පිරිමදිමිනුයි. කොපුවෙන් අසිපත එලියට එන්න ගත වුනේ ක්ශනිකයකටත් වඩා අඩු කාලයක්...

"සමාවෙන්න රජතුමනි මා වැරදියි මා එය පිලිගන්නවා..."

"වරද පිලි ගන්නවා...තමුන්ට කොහෙන්ද එච්චර හයියක්..."

නිමක් නැති.🔞Where stories live. Discover now