මසකට පසුව

108 7 0
                                    

"සර් අලුතෙන් ආපු කෙනා දැන් වැඩට එන එක හරිම අඩුයි එහෙම වුනොත් එයාගෙ පෝස්ට් එකට අපිට වෙන කෙනෙක් ව ගන්න වෙයි."

"ඒක ගැන මම බලාගන්නම්"

"එත් සර්"

"ඔයාට පැවරිලා තියන රාජකාරිය මට එක එක්කෙනා ගැන කේලම් කියන එකද නැත්නම් ඔයාට ලැබිලා තියන වැඩ ප්‍රමාණය අඩු වෙලාද?එහෙමත් නැත්නම් lunch break එකෙ වෙලාව වැඩි වෙලාද?"

"නෑ සර්.සොරි"

දේව් ලගටම ඇවිත් තුහාන් ගෙ වැරදි කියන අය අතරේ තුහාන් ගේ ඇත්ත තත්වය දැන ගෙන ඉන්න දේව් ට හැමදේම අත ඇරලා දාලා යන්න හිතිලා තියෙන්නෙ.සර්වේශගේ වැඩ නිසා තුහාන් ඉන්නෙ තවමත් ගැඹුරු නින්දක.සර්වේශව කොච්චර කැදවන්න හැදුවත් සර්වේශ එන්නෙ එයාට ඕන වෙලාවට විතරයි.ඉතිං ඒක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.හැමදේම පැත්තකට දාලා දේව් ආපහු නැගිට්ටෙ හිතට දැනෙන්න ගත්ත අමුතුම බය නිසයි.දේව් පුලුවන් තරම් ඉක්මනට වාහනේට දඩි බිඩි ගාලා නැග ගත්තේ අවුල මොකක්ද කියන එක ඕනවටත් වඩා දැනෙන්න ගත්ත නිසයි.

"තුහාන් තුහාන්!!!"

තුහාන් ගේ අපාර්ට්මන්ට් එක ඉස්සරහට ගිහින් දොර කඩන්න හදද්දි දොර ඇරියේ වෙන කෙනෙක් වෙද්දි ලැජ්ජවටත් එක්ක දේව් ගේ මූණ රතු වුනේ දොර ඇරපු කෙනාගෙ බැල්ම හින්දයි.

"මේ මිස්ටර් කවුද?"

"මම තුහාන්ගේ බොස්"

"අහ් නයිස් ටු මීට් යු මම තුහාන් ගෙ යාලුවා.මීශ මගේ යාලුවව මෙච්චර කල් බලාගත්ත එකට තැන්ක්යු"

"මීශ කාත් එක්කද කතා කරන්නෙ"

"ඉන්න බබා මම මේ ඔයාගෙ බොස් එක්ක කතා කරනවා...
ඔයාට ඇතුලට එන්න ඕනෙද?"

"ඔව් අනිවර්‍යයෙන්ම."

දේව් ගේ ඇස්වල ගෑවිලා තිබ්බෙ මහා ලොකු ඉරිසියාවක් වෙද්දි දැන දැන මිනිස්සුන්ව අවුස්සන්න මීශට තිබ්බෙ පුදුමාකාර හැකියාවක්.දේව් කියන්න කවුද කියන එක වත් සර්වේශ කියන්නෙ කවුද කියන එක මීශවත් තුහාන් වත් දැනගෙන ඉදියේ නෑ.හැමදේම දැන්ගෙන ඉදපු එකම කෙනා වෙන කවුරුවත් නෙවෙයි දේව් විතරයි.
තමන්ගේ පාර්ට්නර් කෙලින් කටින් ඉන්නව දකින්නෙ දේව් මාස ගානකට පස්සෙ වගේ දේව් තුහාන් දිහා බලාගෙන ඉදියා.එච්චර දුකක් තිබ්බත් දේව් ඒ හැමදේම හංගන් ඉන්න තරම් දක්ශ රගපාන්නෙක් වුනා.

නිමක් නැති.🔞Where stories live. Discover now