12

179 16 2
                                    

ටික මොහොතකට පසු කියල තමයි ආයෙ කියන්න වෙන්නෙ මොකද අර මෝඩ මූසලයා තව ටිකක් වෙලා ඉදියනම් ඔක්කොම ටික කනපිට ගහනව....කියලා මට කිව්ව...කවුද කියල වැඩක් නෑ නේ එනව මෙතන අනුන්ගේ ඕපදූප හොයන්න...හ්හ් හ්හ් හ්හ්....මම මේ දැන් ඉන්නෙ හරිම සනීපෙන් වතුර බේසමක බැහැලා හම්බො මම මාස ගානකින් ජීවිතේ විදිනව වගේ හැගීමක් තමයි තියෙන්නෙ....මගේ මෙ ගල අනුව...නෑ නෑ ඒ ගල නෙවෙයි....ගල කිව්වෙ ඉරණම් ගල කියලා එකක් තියෙන්නෙ අන්න එක...අම්බෝ ගල කිව්වොත් විශිස්ටයි සහෝදර සහෝදරවරුනි විසිස්ටයි....

තුහාන් ඉදියේ කිසි දෙයක් නොදැන හරිම සැහැල්ලුවෙන් ඇත්තටම කිව්වොත් තුහාන් ඇහැරෙන්න සතියකට වැඩි කාලයක් ගත වුනා...මොකද ඒ වෙද්දි වුන දේවල් එක්ක තුහාන් ඉදියේ කාලා බීලා විනෝද වෙන ගමන් නෙවෙයි...ඒ නිසා තුහාන්ගෙ ශරීරය තිබුනේ හුගාක් දුර්වලවයි....සර්වේශට යට වෙන්නම් කියලා පම්පෝරි ගැහුවට මොකද...තුහාන් සර්වේශට යට වුනා නම් මේ වෙද්දි තුහාන් යට වෙන්නෙ පොලොවෙ අඩි හයක් හතක් යටට තමයි....

සර්වේශ දිව්‍යභවනම අනිත් පැත්තට ගහන්න තප්පරයක් තියෙද්දි තමයි සුළගට අධිපති දෙවියො පෙනී සිටියේ...
සර්වේශ ඉදියො බොහොම කේන්තියෙන් වෙද්දි සුළගට අධිපති වෙච්ච සුරයගේ ක්‍රියාකලාපයට පිං සිද්ධ වෙන්න හැමදේම පොඩ්ඩක් සාමාන්‍ය තත්වයට පත් වුනා

"අසුර රජුනි ඔබේ සහකරු ඉන්නෙ ඔබේ යුධ ප්‍රකාශයට සූදානම් වෙලා නෙවෙයි...මම ඔහුට මූලික ප්‍රතිකාර දුන්න-"

"මගේ වස්තුවට හානි කලාට පස්සෙ තමුන් ඔච්චර නිර්භීත වුනේ කොහොමද!!!!"

"අපේ අතේ වරද මම පිලිගන්නවා"
ඒ වෙන කවුරුත් නෙවෙයි අග්නි සුරයගේ සහකරු එයාට කතා කරන්න වැඩි වෙලාවක් නම් හම්බ වුනේ නෑ ඒකට හේතුව වුනේ...පොඩි සුරයෙක් නිසයි...පොඩි ලමයෙක් වෙච්ච ඒ දරුවා දුවගෙන දුවගෙන එද්දි සර්වේශගෙ ඇගේ හැප්පුනා.අංශක අනූවටම නැවිලා සමාව ඉල්ලුව ඒ පොඩි ලමයා කෙලින්ම දුව ගෙන ගියේ ජල සුරය ගාවටයි...ජල සුරයත් එක්ක කෝලම් කර කර ඉදපු ඒ පොඩි සුරයා ආයෙම ජල සුරයගෙ අති බැස්සෙ...ජල සුරයා විතරක් නෙවෙයි අනිත් සුරයනුත් සර්වේශ ලමයට මොනා කරයි ද කියලා හිත හිත අනිත් සුරයො ඉහෙන් කනෙන් හීන් දාඩිය දාද්දි...ඒ පොඩි සුරයා ආයෙමත් වතාවක් ජල සුරයගෙ අතින් බැහැලා ආවෙ සර්වේශගේ කකුල් දෙක ගාවටයි...ඇවිත් ඒ පොඩි ලමයා තමාගේ අත් දෙකන් දෙපැත්තට විහිදුවලා සර්වේශ ඉදිරියේ හිට ගත්තා...
සර්වේශ කිසිම පැකිලීමක් නැතුව ලමයව වඩා ගත්තා...වඩා ගත්තට පස්සෙ ලමයා කෙලින්ම අත දික් කලේ සර්වේශගෙ කලින් වාස භවනට....

නිමක් නැති.🔞Onde histórias criam vida. Descubra agora